ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට උ. ල. සභාගයෙන් තමයි තරග කරන්නේ – විමල්

වත්මන් රජයට සහ එය ආරක්ෂා කරන්නන්ට එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරියේදී ගොඩනැඟීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“අපි ඉදිරි කාලය තුළ දියත් කිරීමට නියමිත වැඩසටහන් සියල්ල පිළිබඳ සාකච්ඡා කරලා – දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන්, ඒ වගේම ආසන මට්ටමේ වැඩසටන් පිළිබඳ අවසන් තීරණයක් ගත්තා. ඒ වගේම වර්තමාන පාලනයට සහ ඒ පාලනය ආරක්ෂා කරන බලවේගවලට එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරි කාලයේදී ගොඩනඟන්න ඕනෙ කියලා තීරණයකට ආවා”

ප්‍රශ්නය – කැබිනට් අමාත්‍ය ධුර වගයක් තව පත්කරන්න තියෙනවා. ඒවා භාරගන්න සූදානම්ද ඔබතුමාලා ?

“නෑ, නෑ .. අපි අපේ ප්‍රතිපත්තියේ පැහැදිලිවම කියලා තියෙනවා සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් එකඟතාවක් ඇතුළෙ විතරයි වෙන්න ඕනෙ කියලා. දැන් අපි ඒ කියපු ප්‍රතිපත්තිය මේගොල්ලො බැහැර කරලා තියෙනවා. දැන් මේ යන්නේ පොහොට්ටුවේ පාලනය රනිල් වික්‍රමසිංහ මහතාගේ වේෂනිරූපණය සහිතව”

ප්‍රශ්නය – ඉදිරියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඔබතුමාලා මේ පක්ෂය විදියට ඉදිරිපත් වෙනවාද ?

“ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට අපි උත්තර ලංකා සභාගය හැටියට තමයි තරග වදින්නේ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ උ. ල. සභාගයේ පළමු විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...