*
Friday, May 17, 2024
spot_img

Latest Posts

බංකොලොත් රටක මොන ෆයිනෑන්ෂියල් සෙන්ටර්ද? (VIDEO)

කොළඹ LNW: වරාය නගරයේ නම “කලම්බෝ ෆයිනෑන්ෂල් සෙන්ටර්” ලෙස වෙනස් කිරීමෙන් ප්‍රතිලාභයක් අත්නොවන අතර බංකොලොත් රටක එවැන්නක් කරන බව පැවසීමම විහිළුවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද (19) පාර්ලිමේන්තුවේදී ය.

එය දැක්මක් ඇති වැඩක් නොවන බවත් මූල්‍ය ක්ෂේත්‍රය ගැන විශ්වාසය නොමැති බංකොලොත් රටකට එය කිරීම අපහසු දෙයක් බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කරන ලදී.

”අපි කරන්න ඕන අපිට පුලුවන් දේ. ඒ නිසා වරාය නගරය “කලම්බෝ නොලේජ් සෙන්ටර්” විදිහට වෙනස් කර ඒ දැක්මෙන් කටයුතු කරන්න කියා මම ඉල්ලා සිටිනවා. අපේ රටේ වෘත්තිකයින්ට, තොරතුරු තාක්ෂණික අංශයට ලෝකයේ ලොකු අවස්ථාවක් තියනවා. අනිත් අතට, වරාය නගරයේ විශාල බදු සහන තියනවා. ගොඩබිම බදු බරින් මිරිකෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී මොනවගේ ගැටලු ඇති කරයිද? මේ පිළිබඳව විමසා බැලිය යුතුයි. අපිට ඕන මේ රටට ආයෝජකයින් ගෙන්වා ගන්න. ආයෝජන වලට වැට බඳින නීති ගෙනැල්ලා අපේ මිනීවල අපිම කපාගන්න තත්ත්වයකුයි දැන් තියෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan