තිලීපන් සමරුව සිංහලයින් වෙසෙන ප්‍රදේශයකට ගෙනයාම වැරදියි – නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල්

Date:

ආණ්ඩුකාරවරයෙකු ලෙස රටේ සහජීවනය ආරක්ෂා කිරීමේ වගකීමක් තමා සතු වන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ තිලීපන්ගේ අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහලයන් වෙසෙන ප්‍රදේශයකට ගෙන ගිය බවත්, එය ජාතීන් අතර සමගිය විනාශ කරන බවත් ය.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ වගකීමක් තිබෙන බවත්, නොසැලකිලිමත් වීමෙන් රටේ සංහිඳියාව කඩාකප්පල් වන බවත්, එය රටේ නීතිය හා සාමයට තදින් බලපාන බවත් ආණ්ඩුකාර තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කර සිටියේය.

මින් ඉදිරියට රටේ සහජීවනයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස තමන් පොලීසියට උපදෙස් ලබාදුන් බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...