*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මාර්ගගත දත්තවල සුරක්ෂිත භාවය පිළිබද පනත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා සහ සමාජ මාධ්‍ය හා අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදුවන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳපොළ අප රට හැර යන බවත් එසේ වුවහොත් ඒ මත යැපෙන ව්‍යාපාර ගණනාවක් බිඳ වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් තමන් තෝරා ගත් පිරිසක් හරහා සමාජ මාධ්‍ය පාලනය කිරීම උතුරු කොරියාවකට රට ගෙන යාමකට උත්සාහ කිරීමක් බවත් එම නිසා ෆේස්බුක් හා ඩිජිටල් මාධ්‍ය නියාමනය කිරීමට ගන්නා උත්සාහය වහා හකුලා ගත යුතු බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (19) මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිලිබද පනත සම්බන්දයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

භාෂණය හා ප්‍රකාශනයේ නිදහස් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් වුවත් වත්මන් රජය එය විවිධ ක්‍රමවේද ඔස්සේ සීමා කිරීමට කටයුතු කරන බවත් එහි එක් පියවරයක් ලෙස ආණ්ඩුව විසින් ජනතාව සමාජ මාධ්‍ය තුළ පළ කරන අදහස් සීමා කර ආණ්ඩුවට අවාසිදායක තොරතුරු අපරාධමය කටයුත්තක් ලෙස සලකා දඩුවම් දීමට පනතක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ රජය සිදු කළ වැරදි ක්‍රියාවන් නිවැරදි කරලීම සඳහාත් රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් විධායක ජනාධිපතිවරයා බලයෙන් එලවා දැමීමට කටයුතු කළේත් මෙරට ප්‍රගතිශීලී ජනතාව බවත් එම මහජන අරගලයෙන් පසු තවමත් මහජන ආශිර්වාදය සහිත රජයක් පත්කර නොමැති බවත් පළාත් පාලන මැතිවරනය ද මහජන මතයට ඇති බිය නිසා රජය කල් දමා ඇති මොහොතක ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති සියලු මාර්ගයන් වසා දැමීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් වන මෙය විපක්ෂය විසින් ඊයේ දිනයේ ස්ථාවර නියෝගවලට අනුව යොමු කිරීමත් සමඟ රජය විසින් ඊයේ රාත්‍රියේ රජය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ නව කෙටුම්පත ගැසට් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාර්ගගත දත්තවල සුරක්ෂිතභාවය පිළිබද පනතට අදාළව ප්‍රශ්න රැසක් ආණ්ඩුවට යොමු කර සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan