තැන්නේ ඤාණානන්ද හිමිගේ ”පන්සලේ මල්සරා” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් රචිත ”පන්සලේ මල්සරා” කාව්‍ය කෘතිය එළිදැක්වීම ඊයේ (19) කොළඹ සුදර්ශියේදී සිදුවිය.

එහිදී ප්‍රධාන දේශනය කේ.කේ. සමන් කුමාර මහතා විසින් සිදුකරන ලද අතර බිබිලාදෙණියේ මහානාම හිමි,ධම්මචාරී මෙහෙණිය, පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය,රාජකීය පණ්ඩිත ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, නිලාර් එන් කාසිම්, ලක්මාල් ධර්මරත්න යන අය සෙසු අදහස් දැක්වීම් සිදුකරන ලදී.

මේ අතර සුදත් ලියනගේ සහ කෞෂි මද්දුමබණ්ඩාර හිටිවන කවි ප්‍රාසංගික අත්දැකීමකින් එම අවස්ථාව වර්ණවත් කළහ.

”සිසිවන උවන නොව දුටුවේ මේකප් ය
තිසර තන නොවේ මිරිකුවේ බ්‍රා කප් ය
දිසි රණලියගේ ඒ ලව් එක බ්‍රේකප් ය
හීන කියන්නේ කොහොමත් ලොලි පොප් ය ”
තැන්නේ ඤාණානන්ද හිමි විසින් රචනා කරන ලද ”පන්සලේ මල්සරා” උන්වහන්සේගේ රැඩිකල් කාව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ලෙස දැක්විය හැකිය.

පන්හිඳක දඟ (ගේය පද), පන්හිඳක දඟ (නිසදැස්), රස්තියාදු සාදු, ගංගාවී, සුදු මැණිකෙ සහ දෙවරක් පෙරන ලද පිරිත් පන් යන කෘති තැන්නේ ඤාණානන්ද හිමි විසින් රචනා කරන ලද සෙසු කෘතීන්ය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...