ආසියාව විනිශ්චය කරන්නට යන ලංකාවේ වළලු දැමූ අත්

Date:

ඔක්තෝම්බර් 01 දා සිට 16 දා දක්වා බංගලාදේශයේ පැවත්වෙන ආසියානු කුසලාන 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා විනිසුරුවරියන් දෙදෙනෙක් සහ එක් තරග තීරකවරියක් සහභාගි වීමට නියමිතය.ඒ අතරින් තරග තීරකවරියක් ලෙස එක්වෙන වැනේසා ද සිල්වා කලක් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද දක්ෂ පිතිකාරිනියක වන අතර ඇය 1999 දී තමන් ජාත්‍යන්තර වශයෙන් සහභාගි වූ අවසාන තරගයේදී ද නෙදර්ලන්තයට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගෙන ඇත.

දේදුණු සිල්වා ශ්‍රී ලංකාවෙන් බිහි වූ අලංකාර ලෙස පන්දුවට පහර දුන් ඉහළ මට්ටමේ ආරම්භක පිතිකාරිණියක වන අතර ඇය සිය අවසාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි ව ඇත්තේ 2010 වර්ෂයේදී ය.ජාත්‍යන්තර එක්දින තරග 42 දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දේදුණු අර්ධ ශතක 6 ක් රැස් කරන්නට සමත් වී ඇත.ඇයගේ ඉණිමක වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ 78 කි.ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් හොද අවධානයකින් බලා නොගන්නා බවට දේදුණු සහභාගි වූ අවසාන ජාත්‍යන්තර තරගයම උදාහරණයකට ගත හැකි අතර වරක් 20/20 ලෝක කුසලානය පවා ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායමේ දැවන්තයන් වන ස්ටෙෆ්නි ටේලර්,ෂෙමේයින් කැම්බල්,අනීශා මොහොමඩ් වැනි ක්‍රීඩිකාවන් සිටියදී ශ්‍රී ලංකාව ජයගෙන ඇත.ඒ නිසා කවුරුන් කුමානාකාරයෙන් පැවසුවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සිටිය යුතු තැනට පහළින් සිටින බව අවබෝධ කර ගත යුතුය.දේදුණු 20/20 තරග හයකට ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඇය විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ගොඩ නඟාගත් විශ්වාසය අනුව ආසියානු කුසලානි විනිශ්චයට සුදුසුකම් ලබා ඇත.

පළමු පෙළ තරගාවලිය සඳහා සහභාගි සිටින නිමාලි පෙරේරා ජාතක තලයෙන් ක්‍රීඩිකාවකටත් වඩා විනිසුරු වෘත්තියේ කැපී පෙණුන විනිසුරුවරියකි.ඒ කැපවීම සහ හැකියාව නිසාම දේදුණ සමඟ ආසියානු කුසලාන කාන්තා 20/20 තරගාවලියේ විනිසුරුවරියක වන්නට නිමාලිටද හැකි වී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...