ලබන අවුරුද්ද වෙනකොට පොහොට්ටුව කරන්න හදන දේ මහින්දානන්ද කියයි (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති තනතුරින් ඉවත් කිරීමට දායක වූ සියලු දෙනාම ඒ පිළිබඳව ඔවුන් අවසන් හුස්ම හෙළද්දී හෝ පසුතැවෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එසේම, ලබන වසර වනවිට නැවතත් වෙනදා ගිය ගමනම යාමට හැකිවන බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි ඒ මහතා අවධාරණය කළේ.

“මේ රටේ මිනිස්සු කවදාහරි, මැරෙන්න විනාඩියක් තියලා අවසාන හුස්මේදී හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත්කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ම ඒ පිළිබඳ පසුතැවිලි වේවි. අපට කවදාවත් ඉතිහාසයේ ඒවගේ රාජ්‍ය නායකයෙක් හොයාගන්න හම්බුවෙන්නෙ නෑ. එදා ජනාධිපති මන්දිරයට එතුමාට ගහන වෙලාවේ ත්‍රිවිධ හමුදාවම හිටියෙ එතුමාත් එක්ක. එතුමාට තිබුණෙ එක නියෝගයයි, ඒ නියෝගය කළා නම් අඩුගාණෙ එදා අරගලයට ආපු 500ක් – 1000ක් මියයනවා. එක පුද්ගලයෙකුට වැලි ඇටයක කරදරයක් කරන්න එපා කියපු රාජ්‍ය නායකයෙක් ගෝඨාභය මැතිතුමා කියන්නෙ. ඡන්දෙන් එන්න බැරි දේශපාලන පක්ෂ මේ අරගලය පාවිච්චි කරලා ගෙවල් ගිනිතියලා මේ අරගලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. අද වෙනකොට මේ රටේ මිනිස්සු මේක අවබෝධ කරගෙන තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට නැවතත් මේ රට යථා තත්වයට පත්කරලා අපි වෙනදා ගිය විදියටම මේ ගමන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපට තියෙනවා මිත්‍රවරුනි”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...