නෙත්මිකා ආසියාවේ දෙකට ලෝකයේ විසි හතට

Date:

මෙවර කුවේට් හී පැවත්වෙන අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ හ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන නෙත්මිකා මධුශානි හේරත් දක්වා ඇති දස්කම් අනුව ආසියාවේ දෙවන තැනට පත්ව සිටින අතර ලෝකයේ මේ වසරේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව ඇය සිටින්නේ මුල් 27 දෙනා අතරය.මේ වසරේ මේ දක්වා ආසියාවේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගනිද්දී හොඳම දක්ෂතාවය දක්වා ඇත්තේ ජපානයේ ඉයෝන් කොන්ඩෝ ය.ඇය මීටර් 6.13 ක දක්ෂතාවයක් දක්වා ඇත.
නෙත්මිකා කොන්ඩෝගේ දක්ෂතාවයෙන් පසුව ජපානයේම කොටෝ මට්සුමුරා සමඟ සම දුරක් දරමින් දෙවන තැන සිටින්නීය.මීටර් 6.06 ක් වූ එම දුර ප්‍රමාණයෙන් පසුව මීටර් හයේ සීමාව ඉක්මවා ගිය දුර පනින්නියක අපට ආසියාවෙන් හමුවන්නේ චීනයෙන්ය.ඇය මීටර් 2.05 ක් පැන තිබෙන හුයිකොන්ග් සෙන් ය.

නමුත් ආසියාවේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවක පැන තිබෙන හොදම දුර පැන තිබෙන්නේ චීන ක්‍රීඩිකාවක වන ලු මින්ජා ය.ඇය මීටර් 6.74 ක දක්ෂතාවයක් දක්වා ඇත.ඒ 2009 වසරේ දි ය.එය මේ වසරේ අවුරුදු 18 න් පහළ බාලිකා හොඳම දක්ෂතාවය වන ස්ලොවේනියාවේ බ්‍රිනා ලිකර් දක්වා ඇති මීටර් 6.54 ක දක්ෂතාවය ද ඉක්මවා යන එකකි.ඒ නිසා ඉතා කැපවීමෙන් තමන්ගේ දක්ෂතාවය වර්ධනය කර ගැනීමට සහ නිරෝගිකම ආරක්ෂා කර ගැනීමට ඉදිරි දින කිහිපය නෙත්මිකාගේ අවධානය යොමු විය යුතුය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...