*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

සහරාන්ට උඩින් හිටය අබු හින්ද් කවුද? අබු සලෙයි ද? අබු රාජපක්ෂ ද?

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ට උපදෙස් දෙමින් ඔහු ඇතුළු කණ්ඩායම මෙහෙයවන ලද අබු හින්ද් නැමැත්තා කවුද යන්න අනාවරණය කරගත යුතුව තිබෙන බව අද (21) පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා ප්‍රකාශ කළේය.

එම පුද්ගලයා සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කරගැනීම සඳහා ඉන්දියාවේ සහයද ගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම අබු හින්ද නැමැත්තා අබු සලෙයි ද? නැත්නම් අබු රාජපක්ෂ ද ? යන්න දැනගැනීම වැදගත් බව හෙතෙම අවධාරණය කරන ලදී.

”බලගතු පුහුණුවක් ලබල බලගතු පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන මේ රටේ විශාල පිරිසකගේ දිවි අහිමි කරන්නත් හෝටල් ඇතුළු ආගමික ස්ථානවලට එකවර ප්‍රහාර එල්ල කිරීමටත් ඒ අයට පුපුරණ ද්‍රව්‍ය තිබුණද නැත්නම් යම් බුද්ධි අංශයකින් සහරාන්ට එම පුපුරණ ද්‍රව්‍ය දුන්නද කියන ප්‍රශ්නය අද මේ රට ඉස්සරහ තියෙනවා. පාස්කු විමර්ශන කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කරපු යම් යම් කාරණා තාම පරීක්ෂණවලට භාජනය වෙලා නැහැ. විශේෂයෙන් එම පරීක්ෂණ වලින් හොයාගෙන තිබුණා අබු හින්ද් කියන නාමයෙන් සහරාන්ට උඩින් සහරන්ව මෙහෙයවපු ඔහුට උපදෙස් දුන්න යම්කිසි හතයක් පුද්ගලයෙක්. ඒ නිසා තමයි මම ඇහුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමාගෙනුත් මේ අබු හින්ද් කියන පුද්ගලයා හඳුනාගැනීම සඳහා පරීක්ෂණවලට සහය වෙන්න කියල. මොකද ඉන්දියාව තමයි මේ ප්‍රහාරය එල්ලවෙන්න ඉස්සරවෙලා අනතුරු අඟවා තිබුණේ. ඉන්දියාවේ බුද්ධි සේවය මේ සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ සහය ඇතුව මේ අබු හින්ද් කියන පුද්ගලයා ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියල හඳුනාගැනීම ඉතාම වැදගත් අබු හින්ද කියන්නේ අබු සලෙයිද? නැත්නම් අබු රාජපක්ෂ ද? කියල දැනගැනීම ඉතාම වැදගත් බව මේ අවස්ථාවේදී මම මතක කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan