පොහොට්ටු පාලනයේ දූෂණ රැසක් – කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවන්න තීන්දු කරයි

Date:

කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. වත්මන් පාලනය යටතේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්‍රාදේශීය සභාවේ බරපතල දූෂණ සිදුව ඇති බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකු‌ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය.

අදාල කමිටුව විමර්ශන පවත්වා වාර්තාවක් ලබා දී ඇති අතර චෝදනා සත්‍ය බව එම වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

මීට අමතරව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කළ අයවැය අවස්ථා දෙකකදී පරාජයට පත්විය.

මෙම තත්වය මත ප්‍රාදේශීය සභාව විසුරුවා හැර එහි පාලනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...