පොහොට්ටු පාලනයේ දූෂණ රැසක් – කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවන්න තීන්දු කරයි

කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. වත්මන් පාලනය යටතේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්‍රාදේශීය සභාවේ බරපතල දූෂණ සිදුව ඇති බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයෙකු‌ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය.

අදාල කමිටුව විමර්ශන පවත්වා වාර්තාවක් ලබා දී ඇති අතර චෝදනා සත්‍ය බව එම වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

මීට අමතරව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කළ අයවැය අවස්ථා දෙකකදී පරාජයට පත්විය.

මෙම තත්වය මත ප්‍රාදේශීය සභාව විසුරුවා හැර එහි පාලනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...