*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අමුතු අතුල

ඔහු ක්‍රිකට් ගහන කාලේ තිබුණ අමුත්ත පෙණුමය.ලංකාවේ ක්‍රිකට්වලට අනන්‍ය නොවුණ අමුතු පෙණුමක් අතුලට තිබිණ.ඒ හයේ හතරේ පෙණුමේය.ඒ නිසාම ඔහු ජාත්‍යන්තරවත් ප්‍රසිද්ධ වූයේ නම මුලට “බිග්” යන විශේෂණය යොදාය.එනම් “බිග් සෑම්” සේ ය.ඔහු පහර දුන්නෙත් අමුතු විදිහටය.විශේෂයෙන් තර්ඩ්මෑන්වලින් ගහන ස්ලිප් ක්‍රීඩකයින්ට ඉහළින් ගිය හය අතුලගේ අමුතු පහරක්ය.ඔහු පන්දු යවන්න දිව්වෙත් අමුතු විදිහටය.මේ ඔක්කොම ක්‍රිකට් මතක පොදිය පැත්තකට තබා ඔහු මුහුණු පොතේ අතුරන අකුරු බැලුවම ඒවාත් අමුතුය.
දැන් ඒ අමුතු අකුරු අමුතු වචන වී පපුව හීනියට හීරිම එක සැරේ කරන්න වැඩක් අතුල සමරසේකරනම් වූ මේ අමුතු මිනිහා ලැහැස්ති කර ඇත.ඇත්තටම එය අතුල ද බුද්ධි ද යන්න තේරුම් ගන්නට බැරි තරමට මේ වැඩේ සංස්කරණය කරමින් ජනගත කිරීමේ ව්‍යායාමයේ ඉදිරියෙන්ම සිටියේ බුද්ධදාස ගලප්පත්තිය.අපි බුද්ධදාස ගලප්පත්තිගෙන්ම දත්ත ඉල්ලාගෙන අමුතු අතුල අන්තර්ජාල වට්ම්ඇප් තාක්ෂණය ඔස්සේ අල්ලා ගත්තේය.මේ පහත එක දිගට එලෙන වචන ඒ අමුතු මිනිහාගේය.ඒ අමුතු වචන අයිස්මෝල වත්තේ අතුලයාගේ කතා සයුර නම් වූ පොත ගැනම නෙමේය.සමහර විට ඒ වත්ත හතරකොන පැන තිබෙන්නට ද හැකිය.

ක්‍රිකට් කියන්නෙ කුමාර ක්‍රීඩාවක්.ප්‍රශ්න, බාධක තිබුණත් ඒවා හරි මට සිළුටුයි.හරි හොඳම විතරක් තිබුණ ජීවිත.ඒත් ඒ ක්‍රීඩාවෙන් රට නියෝජනය කරපු ඔබේ ජීවිතය අතිශයින් වෙනස් එකක්.හැල හැප්පිලි තිබුණ,සම්පූර්ණ සුදු නොවුණ ජීවිතයක්.ඒකට ඔබ අයිස් මෝල වත්තේ කතාවත් ගෙනාවම තවත් අවුල්.අතුල සමරසේකර කිව්වම රටම දන්න ඔබ මේකට අයිස් මෝල වත්ත ගාවන්නෙ ඇයි?

අතුල සමරසේකර කියන එක දන්නෙ ඉතිං මම ශ්‍රී ලංකා කණ්ඩායමට ගහද්දි.නැත්නම් ඉතිං මාව දන්නෙ අයිස් මෝල වත්තෙ අතුලයා කියලා තමයි.එහෙම නැත්නම් සමරෙ.ඒ මිනිස්සුන්ගෙ ආදරේට අඩිය තියලා තමයි උඩට නැග්ගෙ.ඒ සංස්කෘතිය මට හංගන්න ඕනි වුණේ නැහැ.අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැහැව්වෙත් බස් එකේ ඇවිත්.මේ වගෙ ඉල්ලුමක් ගෙවීමක් වගෙ දේවල් ඒ කාලෙ නැහැ.මම අවුරුදු හතරකට තමයි ටෙස්ට් මැච් හතර ගැහැව්වෙ.එතකොට හිතාගන්න පුළුවන්නෙ අපිට මැච් තිබුණ තරම.

ඉස්සර ක්‍රිකට් බෝඩ් එකත් දැන් වගේ නැහැ.තුන් හතර දෙනෙක් වැඩ කරේ.අපිට සංචාරයකදි ලැබෙන මුදලෙන් කොටසක් තමයි බෝඩ් එක පාලනයට යොදා ගත්තෙත්.අයිස් මෝල වත්ත විතරක් නෙමෙයි ඒ දවස්වල ක්‍රිකටුත් දුප්පත්.ඒ නිසා හංගන්න දෙයක් නැහැ.අපි අමු මැණික්.කපලා ඔප දාලා නැහැ.ක්‍රිකට්වලට අර ලෙවල්,මේ ලෙවල් පුහුණුකරුවො හිටියෙ නැහැ.වීඩියෝ අරගෙන තාක්ෂණිකව කණ්ඩායම් කරන දේවල් තියා දෙන්න අය හිටියෙ නැහැ.අපි දැන ගත්තු දේ පාව්ච්චි කරලා හිතලා ගැහැව්වා.


දැන් ක්‍රිකට් තියෙන හැටි දැක්කම සංතෝශයි.ඉස්සර ගොඩක් අපියි ලෝකෙයි දුරයි.මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙ දැනගත්ත දේවල් ඒ කාලෙ දැනගෙන හිටියනම් තව දේවල් කරන්න තිබුණා.එහෙම හිතන කොට ඉතිං අද ක්‍රිකට් ගැන සතුටුයි විතරක් නෙමෙයි ආඩම්බරයි.හැබැයි ඉතිං මං මොන මට්ටමේ හිටියත් ආසයි අයිස්මෝල වත්තෙ අතුලයා වෙන්න.මං එතනින් ආවෙ.ඉස්සර අහලා තියෙනවනම් දන්නවා ඇති ගාල්ලෙ චණ්ඩිකම්වලට හෙම ප්‍රසිද්ධ තැනක්.ඒ අස්සෙ ඉදගෙන ක්‍රීඩාව එක්ක ආපු මේ දුර දැක්කම මට සතුටුයි.
අයිස්මෝල වත්තෙ සංස්කෘතිය ක්‍රිකට්වලට සම්බන්ධ වුණා ද?

අපොයි ඔව්.අපි එතැන සෙල්ලම් කරන්නෙ පොඩි අඩි පාරක විකට් හිටවලා.ඒ අඩි පාර හැරුණම ඉතිං වටේට තණ කොළ,වල් ගස්.විකට් එක හිටවන අඩි පාරෙම බෝල් කරන්න ඕනි.නැත්නම් අර තණකොළවල හෙම වැදිලා බෝලේ එක එක අතට විසි වෙනවා.ඒක කෙළින් බෝල් කරන්න හොඳ පාඩමක් වුණා.
ඒ වගෙම තමයි අපි 15 – 16 ක් විතර ක්‍රිකට් ගහන්න එකතු වෙනවා.ඉරි අල්ලල ගහන්නෙ.ඉතිං එන චාන්ස් එකේ අවුට් වුණොත් සමහර වෙලාවට ආයෙ බැට් කරන්න දවස් ගාණක් බලං ඉන්න වෙනවා.ඒ නිසා අවුට් වෙන්නෙ නැතුව ගහන්නම ඕනි.ඒවා ඉතිං ලොකු දෙයක් වුණා විකට් එක නොදී බැට් කරලා ජාතික කණ්ඩායම දක්වාම එන්න.
ඉස්සර හරි ජනප්‍රියයි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයො.එච්චර මාධ්‍ය තිබුණෙත් නැහැ.දැන් මාධ්‍යය පිරිලා ඒ වුණාට පාසල් ක්‍රීඩකයො රට දන්නෙ අඩුවෙන් නේද?
දැන් ඉතිං තරගය වැඩිනෙ.සමහර වෙලාවට පාසල් ක්‍රිකට් තරග 10 ක් විතර පහු කරගෙන ගිහිං ජනප්‍රිය අය ඉන්න තරගය අරගෙන එන්න වෙනවා.කැමති වුණත් ඒ පැත්ත බලන්නවත් වෙන්නෙ නැහැ.ජනප්‍රිය දේ විකුණන එකනෙ වැඩේ.

ඉස්සර එහෙම නැතුව රස්සාවට වඩා ක්‍රීඩාවට ඇති කැමත්තෙන් මාධය කරපු අය හිටියෙ.වෙන රස්සාවක් කරන ගමං ආසාවට ලියපු අය ඉස්සර ගාල්ලෙ හිටියා.එයා යන ගමන ඇවිත් ස්කෝර් බෝඩ් එක බලලා පුංචි කෑල්ලක් ලියලා යවනවා.ඒකත් ඉතිං ඒ දවස්වල ඇති.තියෙන පත්තරේ එච්චරනෙ කියවන්න.ඒක බැලෙනවා.
ඔබට අමුතු පාරවල් තිබුණා.බෝල් කරන්න දුවගෙන ආවෙත් පැත්තට මේ අමුතු ගති කොහෙන්ද ආවෙ.
ඒවා ඉතිං අමුතු නැහැ.අනන්‍යතාවය.කට් ඇන්ඩ් පොලිස් නැහැනෙ.දන්න ටිකෙන් හිතලා කරන එවා.ඒවා හරියටම කරන්නෙ මෙහෙමයි.එහෙම නැත්නම් කරන්න එපා කියන්න කට්ටිය හිටියෙ නැහැ.
ඔය පැත්තට දුවන වැඩෙත් එහෙම හදාගත්තු දෙයක්.මට නෝබෝල් යන එකක් තිබුණා.ඒකට ඉතිං අපි කතා කරා මොනවද කරන්නෙ කියලා.එක එක ඒවා ට්‍රයි කරා.මේ වැඩේ හරි ගියා.එහෙම අපි අපි කතා කරලා තමයි ඉතිං ඒ කාලෙ හදාගත්තෙම.

වැඩිපුරම අදත් අතුල සමරසේකරව මතක් කරන්නෙ 1992 සිම්බාබ්වේ මැච් එකේ ඉණිම ආරම්භ කරලා රොෂාන් මහානාම එක්ක ආරම්භක කඩුල්ලට තියෙන ලකුණු 128 ක සබඳතාවය ගැන.ඒක තමයි ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් පළමු තරගය.මොකද හිතෙන්නෙ එදා ගැන.
සමහර වෙලාවට ඒ කාලෙ ඕවර් 50 ට දෙසීය කියන්නෙත් ලොකු ගාණක්.සිම්බාබ්වෙ 312 ක් ගැහැව්වා කියන්නෙ පහසු එකක් නෙමෙයි.අපිට බලන්න ඇවිත් හිටිය ලංකාවෙ අයම බැන්නා,හූ කිව්වා.අපි සිම්බාබ්වෙ ක්‍රීඩකයො කිහිප දෙනෙක් ඊට ඉස්සර දැකලා තිබුණා.ඒත් ඉතිං එයාල ගහන හැටියි බෝල කරන හැටියි විඩියෝ බල බල හදුනාගන්න සැළසුම් කරන්න ක්‍රමයක් තිබුණෙ නැහැ.

අපි ඔක්කොම ඉතිං ගල් ගිලලා වගෙ හිටියෙ.ට්‍රයි කරමු කියන අදහස හැමෝම තුළ තිබුණා.හැබැයි පුළුවන් වෙයිද කියන සැකේ එක්ක.මම ඕෆන් කරන්න එන ගමන් රොෂාන් මහානාමට කිව්වා “මචං මං ගහනවා උඹ විකට් එක නොදී හිටපං” කියලා.වැඩේ හරි ගියා.මම හොදට ගැහැව්වා.බෝල 61 ට 75 ක්.ඒකෙන් පහළ ප්‍රෙෂර් එක අඩු වුණා.අර්ජුණත් හොඳ අසූ ගාණක් ගැහැව්වා.අපි මැච් එක දිනුවා.
ඔබ කණ්ඩායමට එන්නෙම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට.පිට පළාත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා හැටියට සම්මානත් හම්බෙවෙනවා.මේ කියන සිම්බාබ්වේ මැච් එකේ ලකුණු 312 ක් ගහනකම් ඔබ එක පන්දුවක්වත් යවන්නෙ නැහැ.

ඒකනම් මමත් අද වෙනකං දන්නෙ නැහැ.මම ටෙස්ට් මැච් හතරෙත් එකක බෝල් කරා.ඒකෙ ඕවර් 32 ක් යවලා ලකුණු 100 පොඩ්ඩක් වැඩියෙන් දීලා විකට් තුනකුත් ගත්තා.ඊට පස්සෙ තිබ්බ වන්ඩේ එකේ මම හොඳට කරේ නැහැ.එතනින් පස්සෙ බෝල් කිරිල්ල නැවතුණා.
ඔබ කියනවා හරි.මම කණ්ඩායමට ආවෙ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට.හැබැයි අපිට මොන ඉරියව්වකින් වුණත් එක දිගට රිදම් එක තියාගෙන යන්න ඉඩ නැහැ.මම පමුවැනි ටෙස්ට් එකේ ෆස්ට් ඉණිම් බින්දුවයි.සෙකන්ඩ් එකේ පනහක් ගහනවා.කොහොමදඑක දිගට අල්ලන් ඉන්නෙ.මැච් නැහැ.මම ඊළඟ මැච් එක ගහන්නෙ අවුරුද්දකින්.මම නෙමෙයි බ්‍රෙන්ඩන් බලන්න.පළවෙනි එකේම දෙසීයයි.ඊට පස්සෙ මැච් නැහැ.

අතුල සමරසේකර රටම දැනගෙන ඉද්දි අවුරුදු තිහෙන් විතර පස්සෙ වාෂ්ප වෙලා වගෙ යනවා.
ටිකක් යද්දි තමයි ජීවිතෙ අවුලක් තියෙනවා කියලා තේරෙන්නෙ.ක්‍රිකට් ගැහැව්වට ඊට පස්සෙ ජීවත්වෙන්නෙ කොහොමද කියන එක ගැටළුවක්.මැච් නැහැ.ඉදල හිටලා ගැහැව්වත් වන්ඩේ එකක්නම් ඩොලර් 75 ක් විතර.යන්න එන්න වාහනයක්වත් නැහැ.අපි ඉතිං ලොකු පවුල් පසුබිමක් ඇති අය නෙමෙයිනෙ.

ඊට පස්සෙ තමයි මම ඔය බංගලාදේශෙ වගෙ තැන්වල ක්‍රිකට් ගහන්න ගත්තෙ.එහෙම ගිහිං ගහලා ගේ කෑල්ලක් අටවගන්න කසාදයක් කරගන්න පුළුවන් තත්ත්වයට ආර්තිකය දියුණු කරගත්තා.ඒ නිසා දැන් ජීවත්වෙන්න ක්‍රිකට් ගහන්න බලං හිටියට මිට දශක තුනකට එහා අපිට තිබුණෙ ජීවත්වෙන්න ක්‍රිකට් අත අරින්න වෙන තත්ත්වයක්.
ක්‍රිකට්වලින් ලැබුණු හඳුනගත්තු දේ එකතු කරපු මානව සම්බන්ධතා ගොඩක් තියෙනවා.ඒවා මිල කරන්න බැහැ.හැබැයි ජීවත්වෙද්දි හැම දේටම මිලක් ගෙවන්න වුණාම අපිට ඒ ගැනත් හිතන්න වෙනවා.

අතුලයගේ කතා සයුර ඔබ එෆ්බී එකේ ලියපු එකක්.කොහෙන්ද මේ අදහස ආවෙ
මම ඉස්සර ඉදලම කියවනවා.දැන් තමයි ටිකක් අඩු.ක්‍රිකට්වලින් ඉස්සරහට යන්න පුළුවන් බව දැණුනම මම ඉංග්‍රිසි ඉගෙන ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චරිතාපදාන බොහොම දේවල් කියෙව්වා.හැබැයි ඒකට හරියට මහන්සි වුණා.එහෙම කියවන් යද්දි දැණුන දෙයක් තමයි මිනිස්සුන්ට කියවන්න කතා තියෙන්නෙ අපේ ජීවිතවල කියලා.
ඒ හැම කෙනෙක්ම වගෙ සිස්සටම් එකක් අස්සෙ උඩට ආපු අය.අපිට එහෙම සිස්ටම් එකක් නැහැ.අපි කණපිට පෙරළලා හදාගත්තු තැන තියෙන්නෙ.ඒ කතාවල නැහැ වේල් ගණන් අත් ඇරලා ක්‍රීඩා කරන්න කැප වුණ මිනිස්සු.අපිට එහෙම කතා අදත් තියෙනවා.බොහොම අමාරුවෙන් එන එව්වො තමයි අපේ ක්‍රිකට්වල ඉන්නෙ.මම අයිස්මෝල වත්ත තියා ගන්න එක හේතුවක් වුණෙත් ඒකයි.එහෙම තැන්වලින් එන එව්වන්ටත් කාගෙන ක්‍රිකට් ගහන්න පුළුවන්.

මට ක්‍රිකට්වලින් ඈත් වෙලා හිතන්න පටන්ගත්තු විදි තියෙනවා.සමහර වෙලාවට අපිට දේවල් මිස් වෙලා තියෙනවා.අපිට සමාජය දිහා බලන්න විවේකයක් විචාරයක් ඕනි කරනවා.ඒ දේවල් මුහුණු පොතෙන් අරගෙන පොතක හැඩේට ගන්න එක බුද්ධි මහන්සි වෙලා කරා.අපි පොත බලලා කතා කරමු.

RM


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan