මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් නිකුත් කරයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබෙනවා.

සන්නද්ධ හමුදා කැඳවීමේ ජනාධිපතිවරයාගේ ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධ මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ආඥාව නිකුත් කර තිබෙන්නේ.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ ඉහළ යාමත් සමග මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට කටයුතු කළේය. යළිත් මහජන උද්ගෝෂණ ඉහළ යාමේ පසුබිමක් රටතුළ පවතින අතර එබැවින් මහජන ආරක්ෂාව තවදුරටත් සන්නද්ධ හමුදා වෙත පැවරීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...