පොලිස් නිලධාරියෙකු බව පවසා විදුලි සේවකයෙක් මාධ්‍යවේදියෙකුට පහර දෙන්න හදලා!

Date:

කොළඹ LNW:පොලිස් නිලධාරියෙකු බව පවසමින් විදුලි සේවකයෙක් විසින් රාජකාරියේ නිරතව සිටි මාධ්‍යවේදියෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් පහර දීමට තැත් කර තිබේ.

මෙම සිදුවීම අද (24) පෙරවරුවේ සිදුව ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ ඇති විදුලිබල මණ්ඩලයේ කාර්යාලයේ (ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරි කාර්‍යාලය බෙදාහැරීම අංක03 ඇතුල් කෝට්ටේ) දර්ශන බලාගනිමින් සිටි කොළඹ දිස්ත්‍රික් ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් මෙම සිදුවීමට මුහුණ දී තිබුණි.

එම කාර්යාල පරිශ්‍රයේ පිටත සිට අදාළ මාධ්‍යවේදියා දර්ශන පටිගත කරමින් සිට ඇති අතර ඔහුගේ රාජකාරියට බාධා කරමින් අදාළ පුද්ගලයා පැමිණ ඔහුව බලහත්කාරයෙන් ආයතන පරිශ්‍රය තුළට රැගෙන ගොස් තවත් සේවකයින් කිහිපදෙනෙක් සමඟ එක්ව පහර දීමට තැත් කර ඇත.

එය දුටු තවත් සේවකයින් පිරිසක් පැමිණ එම ග්‍රහණයෙන් මාධ්‍යවේදියා මුදවා ගෙන තිබේ.

ඒ අනුව මාධ්‍යවේදියාට බැන වදිමින් පහරදීමට උත්සහ කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙක් බව සඳහන්.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අකුරට වැඩකරන සේවකයින් පෙ.ව.08.30ට රාජකාරියට පැමිණිය යුතුවුවත් මාධ්‍යවේදියාට පහරදීමට උත්සහ කළ පුද්ගලයා සේවයට පැමිණ ඇත්තේ පෙ.ව. 09.00ට පමණ වන අතර ඔහු පමා වී රාජකාරියට පැමිණීම එම දර්ශන හරහා අනාවරණය වීම උක්ත සිද්ධියට හේතු වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...