ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණයක් ගනී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒකමතික ව මෙම තීරණය ගත් බවත්,මෙම පනත් කෙටුම්පත් දෙක මානව නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතීයේ ආධිපත්‍යයට දැඩි සේ බලපාන බැවින් එය සම්මත කිරීම නොකළ යුතු බව එම සංගමයේ සභාපති නීතීඥ කෞශල්‍ය නවරත්න මහතා සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා,

“මේ පනත් දෙකේම තියෙන අන්තර්ගතයන් නීතිය බවට පත්වුවහොත්, සම්පූර්ණයෙන් මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් යටපත් කිරීමකට ලක් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණයක් ගත්තා. රජයට බල කරන්න මේ පනත් දෙකම නීතියක් බවට පත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා. මේ පනත් ඉදිරිපත් කිරීමට පෙර ඒ අදාළ ආයතනයන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි දැනුම තියෙන සමාජ ක්‍රියාකාරීන් සහ සමාජයේ මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කරලා සමාජයට වැඩදායි වෙන ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් යටපත් වන ආකාරයෙන් පනත් ඉදිරිපත් කිරීමට පියවරක් ගන්න කියන බල කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලෙස අපි ඉදිරියේ දීත් සිදු කිරීමට අපි බලාපොරෙත්තු වෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...