ඔස්ට්‍රේලියානු තරුණියන්ට තරගාවලි පරාජයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටින අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 5 න් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පිට පිටම ලද තෙවන පරාජයත් සමඟ තරගාවලිය ජය ගැනීමට හැකි සියලු අවස්ථා අහුරා ගත්තේය.මෙම ඓතිහාසික ජයග්‍රහණයට නායකත්වය දෙන්නට වාසනාව ලද්දී මනුදි නානායක්කාරය.


වර්ෂාව නිසා තෙවන තරගය ආරම්භය පමා වූ අතර තරගය පන්දුවාර 16 ට සීමා විය.ඒ අනුව කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පෙර තරගවලදී මෙන්ම ලාංකේය දග පන්දු යවන්නියන් ඉදරියේ පසුබෑමක් පෙන් වුව ද,එමිලි පවෙල් (32) සහ ලුසී ෆින් (31) දැක් වූ පිතිහරඹය නිසා ඔස්ට්‍රේලියාවට පන්දු ඕවර් 16 නිමාවේ දී කඩුලු 6 ට ලකුණු 100 ක් රැස් කරන්නට අවස්ථාව උදා විය.ලිමන්සා තිලකරත්න ලකුණු 20 සහ අසෙනි තලගුණේ ලකුනු 25 ට කඩුුලු 2 බැඟින් දවා ගන්නට සමත් විය.


පිළිතුරු ඉණිම වෙනුවෙන් සුපුරුදු ලෙස හොඳ ආරම්භයක් ලබා දෙන්නට සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය සමත් විය.සංජනා ලකුණු 36 ක් සහ විමෝක්ෂා ලකුණු 25 ක් රැස් කළ අතර තරගාවලියේ දෙවන වරටත් තරගයේ වීරවරිය වන්නට සංජනා රැස් කළ ලකුණු 36 ඇයට ආධාර විය.ආරම්භය යහපත් වුව ද,ුැ වන පන්දු ඕවරයේ පස්වන පන්දුවට රශ්මිකා නේත්‍රාංජලී ලකුණු නොලබා දැවී යාමත් සමඟ තරගයේ ජය කාට හිමි වේද යන්න සැක සහිත විය.එහිදී ක්‍රියාත්මක වූ ශෂිනි ගිම්හානා තමන් පන්දු යවන්නියක ලෙස ජාතික කණ්ඩායමට කැඳවන්නට තරමේ දක්ෂයෙකු වුව ද,මේ වන විට පිතිකරණයේදී ද දක්ෂතා පෙන්විය හැකි මට්ටමට වැඩී තිබෙන බව පැහැදිළි කළ ලකුණු 17 ක් රැස් කළේ පන්දු 10 කින් ය.එයට එක් හතරේ පහරක් සහ හයේ පහරක් ද ඇතුළක් කරන්නට ශෂිනි වග බලා ගත්තාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...