තව්තිසාවේ ඇත්ත තත්වය – ණය ගෙවන්න දිනකට ඩොලර් 41,000 හොයන්න වෙයි

Date:

නෙළුම් කුලුන වැනි ව්‍යාපෘති සංවර්ධිත රටවලට මිස බංකොලොත් රටවලට නොගැලපෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. දකුණු ආසියාවේ ලොකුම එක නිර්මාණය කළ පමණින් රට සංවර්ධනය නොවන බව දැන්වත් තේරුම් ගතයුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නෙළුම් කුලුන ප්‍රදර්ශනය කිරීමෙන් දිනකට රුපියල් මිලියන 03 ක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බවත්, එම ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇති ණය පියවීමට නම් ඩොලර් උපයාගත යුතු බවත් චම්පික රණවක මහතා සඳහන් කරයි. ණය ගෙවීම සඳහා අවම වශයෙන් දිනකට ඩොලර් 41,000 ක් වත් උපයා ගත යුතු බවත්, එය කිසිසේත්ම සපුරා ගත නොහැකි ඉලක්කයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඉදිරි වසර 05 ක කාලය තුළ පමණක් ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 56 කි.

පිටතින් හැඩට ඔප දමා තව්තිසාව යැයි හැඳින්වුවද මෙවැනි ප්‍රතිඵලදායක නොවන ව්‍යාපෘති පිටුපස මහා කරුම කතාවක් සැඟවී තිබෙන බවත්, ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින බංකොලොත්භාවයද එම කරුම කතාවේ සැඟවී ඇති බවත් චම්පික රණවක මහතා පවසනවා. පාලකයන් ජනතාවගේ ජීවිත උගසට තබා ණය ලබාගෙන සිදුකරන මෙවැනි අසාර්ථක ව්‍යාපෘතිවල කරුමයේ බව දරන්නට සිදුවන්නේද දුප්පත් ජනතාවටම බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...