රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි පෙත්සම සංශෝධනයට අවසර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම, ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එය නවතාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර හිමිවිය.

එහිදී,අදාළ පෙත්සම සංශෝධනය කර එහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදී ඇති අතර, අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇත.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට අදහස් කරන බවත් ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර, එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකාබැලීම සඳහා ලබන වසරේ ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හිල්ටන් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස 13 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබූ බව පෙත්සම්කරුවන් කියා සිට ඇති අතර, නමුත්, ඉකුත් මාර්තු මස 21 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අදාළ රාජ්‍ය ආයතන බැහැර කිරීමට තීරණය කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

පෙත්සම්කරුවෝ එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියේ, එම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...