කොළඹ LNW:ව්‍යාපරික දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිළුම් අමුණුගමව මහතා පත්කර තිබේ.
මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරය දැරූ ආචාර්ය සරත් අමුණුගම දිළුම් අමුණුගම මහතාගේ සමීපතම ඥාතියෙක් වන අතර සරත් අමුණුගම මහතා පසුගිය මැයි මාසයේදී මව්බිම ජනතා පක්ෂයෙන් ඉවත්වීම සිදුවිය.
ඒ, මව්බිම ජනතා පක්ෂයට ජාතිවාදීන් ඇතුල් වී සිටින බවට විරෝධය පළකරමිනි.
කෙසේවෙතත් දිළුම් අමුණුගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු පැමිණියද පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු සහය දැක්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.
ආශිකා බ්‍රාහ්මණ