මෛත්‍රී සහ චන්ද්‍රිකා හමු වූ තැන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදී, කලකට පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවී තිබුණි.

පසුගිය වසරේ වෙන් වෙන්ව බණ්ඩාරනායක ගුණ සමරුව සිදු කල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර එක් තැනකදී හමුවීම විශේෂත්වයකි.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් අද පැවැත්වුණු අතර සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

මෙහිදි , මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාවේ ආගමික වතාවත් සිදු කෙරුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...