නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයෙකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් සිහිපත් කිරීම සඳහා මෙම ස්මාරකය පිහිටුවා තිබූ අතර 39 වැනි තිලීපන් සමරුව සැප්තැම්බර් 15 වනදා සිට ඊයේ (26) දිනය දක්වා පැවැත්විණි.

අද අලුයම පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් එහි පැමිණ පාවහන් පිටින් ඇතුළු වී බලාත්කාරයෙන්ම එම පිළිරුව රැගෙන ගිය බවයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...