මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW :

පසුගිය වසරේ සිට මේ වසරේ (2026) අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

එම ධාරිතාවෙන් මෙගාවොට් 1,141.1ක් නිපදවා ඇත්තේ ගොඩනැගිලි වහල මත සවිකරන ලද සූර්ය පැනල (rooftop solar panels) මගින් බව ඔහු සඳහන් කළේය.

මීට පසුගිය වසරේදී වහල මත සවිකරන ලද සූර්ය පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ මෙගාවොට් 938.8ක ධාරිතාව සහ මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ එක් කළ තවත් මෙගාවොට් 202.3ක ධාරිතාව ඇතුළත් වේ.

මේ අතර, බිම් මට්ටමේ සවිකරන ලද සූර්ය පැනල (ground-mounted solar panels) මගින් මෙගාවොට් 370ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇත.

ඉන් මෙගාවොට් 177.2ක් පසුගිය වසරේදී එක් කළ අතර, තවත් මෙගාවොට් 193.4ක් මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ එක් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...