*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රාත්‍රී ආර්ථිකයක් නැති රටක් දියුණු වෙලා නෑ – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා (VIDEO)

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයෙහි මිනිසුන් විනෝද වීම තුළින් රජයට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බවත් ඇතැමුන් එය වැරදියට අර්ථකථනය කරමින් සිටින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“රාත්‍රී ආර්ථිකය කියන්නෙ රාත්‍රියට මිනිස්සු ගිහිල්ලා, විනෝදවෙලා රජයට සල්ලි ලැබෙන දේ තමයි රාත්‍රී ආර්ථිකය කියන්නෙ. ඒකයි දහවල් ආර්ථිකය සහ රාත්‍රී ආර්ථිකය කියලා වෙන්කරලා තියෙන්නෙ. දැන් රාත්‍රී ආර්ථිකයක් නැති කිසිම රටක් දියුණු වෙලා නෑ. මොකද මිනිස්සු හම්බකරන දේ, දවල් තිස්සේ ලබාගන්නා ආදායම වියදම් කරන්න තැන් නැත්නම් මිනිස්සුන්ට රටක් කවදාවත් දියුණු වෙන්න බෑ. එතකොට ආණ්ඩුවට හැමදාම ණය ගන්න සිද්ධ වෙනවා. මොකද රටක මිනිස්සු ඔක්කොම හම්බකරනවා විතරයි. බැංකුවල එක්කෝ දාගන්නවා, නැත්නම් ඩොලර් බවට පරිවර්තනය කරලා වෙන රටවල්වලට විනෝදය සඳහා සංචාරයේ යනවා. එතකොට එහෙම යන්නේ අපේ රටේ සල්ලි ටික එළියට දාගෙන. අපේ ඒ සල්ලි ටික රට ඇතුළේ තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. එතකොට තමයි මේ රටේ මේ මුදල් සංසරණය වෙන්නෙ. එහෙම වුණේ නැත්නම් ආණ්ඩුවලට සල්ලි හොයාගන්න ක්‍රමයක් නෑ.

ඒ වගේම තමයි සංචාරකයෝ රටට ආවාම. සංචාරකයෝ ගොඩක් රටට එන්නෙ රෑ 10.00 න් පස්සේ කාමරවලට ගිහිල්ලා නිදාගන්න නෙවෙයි. ඒගොල්ලො එවැනි රටවල් තෝරාගන්න හේතුවත් ඒකමයි අපේ රටට එහා. අපි අපේ රට පාරාදීසයක්ම කරන්න ඕනෙ. එහෙම නම් මම රාත්‍රී ආර්ථිකය කියද්දී ගොඩක් අය ඒක වැරදියට ගත්තා මේ ගණිකා වෘතිය කියලා. ගණිකා වෘතිය රාත්‍රියේ පමණක් වෙන දෙයක් නෙවෙයි, ඒක දවස තිස්සෙම වෙන දෙයක්. ගණිකා වෘතිය කියන්නෙ එක දෙයක් විතරයි. අපට ඊට වැඩිය පුළුවන් ආහාර උත්සව තියන්න, කානිවල් තියන්න, සංගීත සංදර්ශන තියන්න, මිනිස්සුන්ට රාත්‍රියේ ෂොපිං කරන්න බසාර් අරින්න පුළුවන්, කෑම ගන්න ඕනෙ තරම් හැමතිස්සේම විවෘත කරන්න පුළුවන්, එහෙම තමයි රටක රාත්‍රී ආර්ථිකයක්. දැන් යන්නකො බැංකොක්වලට. පැය 24 ම ඇරලා. සිංගප්පූරුව පැය 24 ම ඇරලා. දැන් බලන්න කැසිනෝ ව්‍යාපාරය. කැසිනෝවලට පමණක් එන කොටසක් ඉන්නවා”

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් ඊයේ (27) හබරණදී පැවති ජාතික උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan