ජනපති රනිල් ජපන් අගමැති සහ අධිරාජ්‍යයා හමු වෙයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී පැවැත්විණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව උණුසුම් ලෙස පිළිගත් ජපාන අග්‍රමාත්‍යවරයා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් එතුමා වෙත සිය සුභාශීංසන පිළිගැන්විය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මේ අතර ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද (28) පෙරවරුවේ සිදු විය.

අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේ දී මෙම හමුව සිදුවූ අතර එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාව නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.‍

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...

ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 73...