*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

බංග්ලාදේශය ගිලගත් ඩෙංගු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය සති කිහිපය තුළ බංග්ලාදේශයේ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, බලධාරීන් පවසන පරිදි තවමත් රටේ දරුණු ලෙස රෝගය පැතිර යමින් පවතින බවත් , තෙත් සහිත මෝසම් වැසි තත්ත්වය නිසා ඩෙංගු වයිරසය බෝ කරනා මදුරුවන්ට අපිරිසිදු හා පල්වෙන ජලයේ බෝවීම පහසු වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

රෝගය පැතිරීම පාලනය කිරීමට නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර රෝහල් බරපතල ලෙස රෝගීන්ගෙන් පිරී ඇති බව වර්තා වේ. දරුණු අවස්ථාවල දී ඩෙංගු අභ්‍යන්තර රුධිර වහනයක් ඇති කරන අතර එය මරණයට හේතු විය හැක. එහි රෝග ලක්ෂණ වන්නේ හිසරදය, ඔක්කාරය, සන්ධි සහ මාංශ පේශි වේදනාවයි.

ඩෙංගු උණ අර්බුදය හමුවේ, පේරු අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමටද බල කර ඇත. ඩෙංගු රෝගයෙන් ආර්ජන්ටිනාවේ 40කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර නිවර්තන කලාපීය රටවලට ආවේණික වන අතර ඩෙංගු වෛරස් වාහක මදුරුවන් බෝවීමට ඉඩ සලසන අපද්‍රව්‍ය සහිත නාගරික ප්‍රදේශවල බොහෝ විට පැතිරීම සිදු වේ.

එය කලින් බංග්ලාදේශයේ කලකට පමණක් සෑදෙන රෝගයක් වූ නමුත් දේශගුණික විපර්යාස නිසා ඇති වූ උණුසුම් හා තෙත් මෝසම් හේතුවෙන් එය 2000 වසරි පසු නිතර නිතර සිදුවෙමින් පවතී. පසුගිය වසර කිහිපයට සාපේක්ෂව වත්මන් ඩෙංගු රෝගීන්ගේ තත්ත්වය ඉතා වේගයෙන් වැඩිවෙන බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

පසුගිය මාස දෙක තුළ දිනකට පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති අතර මේ වසරේ මියගිය සංඛ්‍යාව පසුගිය වසර 22 තුළ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව බලධාරීහු පවසති. මදුරුවන් බෝවන ස්ථාන ඇතිවීම වැළැක්වීම සඳහා බංග්ලාදේශය ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත් කර ඇත.

එහෙත් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මුෂ්තාක් හුසේන් පවසන පරිදි තවත් බොහෝ දේ කළ යුතුව ඇත.

බළධාරීන් සිතන්නේ එය තාවකාලික රෝගයක් විය හැකි බවත්, එය දින කිහිපයකින් පහව යනු ඇති බවත්, එබැවින් ඵලදායී හෝ දිගුකාලීන පියවරක් නොගන්නා බවයි,” ලෙස ඔහු බීබීසී බෙංගාලි සේවයට පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64 න් ම ඩෙංගු ආසාදිතයන් වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර පතා ඩකා අගනුවර රෝහල්වලට රොක් වී ඇතත් බොහෝ පහසුකම් ද නොමැති තරම්‍ ය.

ඩෙංගු රෝගීන් බොහෝ විට විජලනය වීමෙන් පෙළෙන බැවින් ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් වන දියරමය ද්‍රව්‍යන්ගේ හිඟයක් ද රෝහල්වල පවතින බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan