පොහොට්ටු නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම් – මහින්ද අලුත් නායකයා ගැන ඉඟියකුත් දෙයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් නායකත්වයට සුදුසු අය ඕනෑ තරම් පක්ෂයට සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔබතුමා ගැන මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා අසනීපයි කියලා ?

“පේනවා නේද අසනීපයිද, නැද්ද කියලා මට ? ඕවා ඔහොම තමයි. ඒවා ඉතින් ගණං ගන්න නරකයි”

දැන් ඔබතුමාලාගේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මොන ආකාරයෙන්ද කරන්න යන්නේ ? පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාමද ?

“නෑ, නෑ … පොහොට්ටුවේ නායකත්වයට ඕනෙ තරම් ඉන්නවා කට්ටිය. මම විතරක් නෙවෙයි. නායකත්වයට අලුතින් හදන්න ඕනෙ කට්ටිය. හැමදාම අපි ඉඳලා බැහැනෙ”

ඒ කියන්නෙ මෙවර පොහොට්ටුවේ නායකත්වයට තරුණ කෙනෙක්ද පත් කරන්න හිතන් ඉන්නෙ ?

“පුළුවන් තරම් තරුණ එක්කෙනෙක් තමයි”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කැළණි රජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...