ශ්‍රී ලංකාවේ තිදෙනෙක් අද පදක්කම් සටනේ

Date:

ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා සහ පිරිමි මීටර් 400 ඉසව්වල අවසාන තරග අද පැවත්වෙනවා.ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසුවරු 6.00 නදීශා රාමනායක සහභාගිවන කාන්තා තරගය පැවත්වෙන අතර පස්වරු 6.10 ට කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශණ සහභාගි වන පිරිමි තරගය පැවත්වීමට නියමිතයි.


කාන්තා අවසාන තරගයේදී නදීශාට කාලීන දක්ෂතාවය සළකා බලද්දී විශාල අවස්ථාවක් පදක්කමක් සඳහා යාමට තිබෙන නමුත්,හොඳම පෞද්ගලික දක්ෂතා සළකද්දී එම තත්ත්වය වෙනස් වෙනවා.නමුත් මෑත කාලයේ චීනයේ පුහුණුව සමඟ නදීශා සිටින තරග අත්දැකීම් ද සැළකිල්ලට ගත් විට ඇය තව දුරටත් මේ තරගයේදී සිය පෞද්ගලික දක්ෂතාවයද ඉදිරියට ගෙන එමින් පදක්කමක් සඳහා යා හැකි මට්ටමක පසුවෙනවා.ඇය තරගයට සහභාගි වන්නේ හයවන මං තීරුවේයි.


පිරිමි මීටර් 400 තරගයේ ප්‍රබලම බලපෑම එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන ජපන් ක්‍රිඩකයන් දෙදෙනා ඉදිරියෙන් සහ පසුපසින් ආසන්න මංතීරු දෙකේ තබා ගනිමින් තරග කරන කාලිංග කුමාරගේ ට හොඳ අවස්ථාවක් තිබෙන බව පැහැදිළියි.කාලිංග හත්වන මංතීරුවේ ධාවනයේ යෙදෙන අතර අරුණ දර්ශන ද මෑථ කාලීනව ලැබුණු තරග අත්දැකීම් සමඟ අද දවසේ ඔහුගේ මනස සකසා ගෙන මේ තරගයට මුහුණ දුන්නොත් ඔහුටද දැඩි අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...