නිව්යෝක්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

පවතින වර්ෂාධික කාලගුණික තත්වය හා කුණාටු තත්වයන් හේතුවෙන් නිව් යෝර්ක් නගරයේ සිට හඩ්සන් ගඟ හරහා නිව් ජර්සි හි හොබොකන් නගරය යන කලාප වල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් නිවේදනය කර තිබේ.

නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ජලයෙන් යටවී ඇති අතර LaGuardia ගුවන් තොටුපළේ අවම වශයෙන් එක් පර්යන්තයක් වසා දමා ඇත. නගරයේ සමහර ප්‍රදේශවලට අඟල් 8 (සෙ.මී. 20)වර්ෂාපතනයක් ලැබෙන අතර ගංවතුර හේතුවෙන් නිව්යෝර්ක්හි උමං මාර්ග පද්ධතියට සහ මෙට්‍රෝ නෝර්ත් මගී දුම්රිය සේවයට විශාල බාධා ඇති ව ඇති අතර සමහර උමං මාර්ග සම්පූර්ණයෙන්ම අත්හිටුවා බොහෝ ස්ථාන වසා දමා ඇත.

මේ වන විට කිසිදු මරණයක් වාර්තා නොවන අතර නගරාධිපති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ආරක්ෂිතව සිටීමට පියවර ගන්නා ලෙසත් කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන්න ලෙසත්ය.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...