IMF නියෝජිත කණ්ඩයමක් දිවයිනට!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හෙට (02) මෙරටට පැමිණීමට නියමිතයි.

ඔවුන් ඔක්තෝබර් 04 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමට නියමිත බව සඳහන්.

මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වන අතර නව රජය ඔවුන් සමඟ මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහන ගැන සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බවද කියවෙයි.

මේ අතර එම වැඩසටහනේ ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...