පන්දුවට පිත්තේ සහයෝගය නැතිව පරදියි

Date:

ආසියානු කාන්තා ක්‍රිකට් 20/20 තරගාවලිය අරඹමින් පැවති ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ඉන්දියාව ලකුණු 41 ක ජයක් හිමි කර ගත්තා.අද උදෑසන අප පැවසූ ආකාරයටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉන්දීය පිතිකාරිණියන්ව පන්දු ඕවර් 20 අවසානයේ කඩුලු 6 ට ලකුණු 150 ට සීමා කරන්නට සමත් වුණා.නමුත් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගේ ගමන ලකුණු 109 ට සීමා වුණේ පන්දු ඕවර් 18.2 ක් නිම වෙන තැනයි.

ඉන්දීය පිතිකරණ නාමාවලියේ මුල් කඩුලු දෙක හතරවන ඕවරය නිමා වන විට ලකුණු 23 ක් තිබියදී දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වුණා.නමුත් ලකුණු තෙවන කඩුල්ලට ලකුණු 92 සබඳතාවයක් ඇති කරන්නට ඉන්දියාවේ ජෙමීමා රොඩ්රිගස් (76) සහ නායිකා හාර්මන්ප්‍රීට් කොවුර් (33) සමත් වුණා.ලකුණු 13 දී පළමු කඩුල්ල දැවි යාමෙන් පසුව පිටියට පැමිණි ජෙම්මා රොඩ්රිගස් ලකුණු පූවරුව 134 වෙන තෙක් සහ 18 වන ඕවරය තෙක් රැදී සිට ඉණිම ස්ථාවර කරන්න දැක් වූ දායකත්වය ඉන්දීය ඉණිම 150 දක්වා යන්නට බෙහෙවින් ඉවහල් වුණා.ඕෂධි රණසිංහ සිය දඟ පන්දුවෙන් ඉන්දියානුවන්ට විශාල තර්ජණයක් ඇති කරමින් ලකුණු 32 ට කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉණිමේ එවැනි සම්බන්ධතාවයක් දකින්නට ලැබුණේ නැහැ.අවදානම්කාරී මානසිකත්වය ශ්‍රී ලංකාව වෙත සමීප කරමින් චමරි අතපත්තු ලකුණු 5 ට දැවී ගියා.තරගයේදී චමරි අන්තයක් රැක ගනිමින් සුපුරුදු රටාවෙන් මිදි සිය සහය පිතිකාරියගෙන් ලකුණු ලබා ගන්නට වෑයම් තරමින් කඩුල්ලේ රැදී සිටිමට උත්සාහ කළත් ලකුණු 25 ක් ව තිබියදි ඇය පන්දු 11 තුළ ලබා ගත් ලකුණු 5 ක් සමඟ කඩුල්ලෙන් ඉවත් කරන්නට ඉන්දියාවට හැකි වුණා.
ආරම්භක පිතිකාරිය හසිතා සමරවික්‍රම ලකුණු 25 ට දැවී ගියේ තෙවන කඩුල්ල ලෙස.එවිට ලකුණු පූවරුව 48 ක් වුණා.ලකුණු 39 දී කඩුලු දෙතත් අහිමිව තිබියදී පිටියට පිවිසි හසිනි පෙරේරා වැඩිම ලකුණුලාභිණිය වෙමින් ලකුණු 30 රැස් කරා.හයවන ඕවරයේ දෙවන පන්දුවේ සිට පිටියේ සිටි ඇය 18 වන ඕවරයේ දෙවන පන්දුවේදී දැවි යන විට පන්දු 32 ට මුහුණ දුන්නා.වඩාත් වැදගත් ඇය දැවී ගියේ ශ්‍රී ලංකාවේ නව කඩුල්ල ලෙසයි.එතෙක් ඇයට සහය වෙමින් හොඳ සබඳතාවයක් ගොඩ නඟන්නට අනෙක් අන්තයට පැමිණි ක්‍රීඩිකාවන් අසමත් වුණා.
එවැනි සබඳතාවයකට අවශ්‍යයම අංගයක් වන කෙටි ලකුණු ලබා ගැනිමේ දුර්වලතාවය නිසා නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් සටහන්වීම ද ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ඉහළ නොයන්නට හේතු වුණා.අප අද උදයේ තැබූ සටහනේ මේ දුර්වලතා සම්බන්ධයෙන් සටහන් කරා.එයට පිතිකාරීණියන් ප්‍රමාණය වැඩි කිරිම,චමරි මදක් පසුපසට ගෙන ඇයගේ අත්දැකීම් මැද පෙළ ශක්තිමත් කිරීමට යෙදවීම ගැන අපේ සටහනේ සඳහන් වුණා.ඒ සටහන මේ අගට අමුණා ඇති අතර ශ්‍රී ලංකාව පාලනය කරමින් පන්දු යැවූ දයාලන් හේමලතා වඩාත් කැපී පෙණුනේ ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගනිමින්.

නමුත් ඉන්දියානු තරගය එක් තරගයක් පමණක් වන අතර ඉදිරි තරගවලදී දිගින් දිගටම සිඳු කරන අඩු පාඩු සකසා ගන්නට අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් සහ පුහුණුකරු පියවර ගතහොත් නැවත ඉන්දියාව හමුවන්නට හා ඔවුන් පරාජය කරන්නටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව තියෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දිය පළමු කඩුල්ල ලෙස ස්ම්‍රිටී මන්දනා දවා ගැනීමෙන් පසුව සතුට ප්‍රකාශ කරන සුගන්දිකා කුමාරියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...