මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවී තිබේ.
මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය විසින් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිස දැනුවත් කර ඇත.
විශේෂයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති අතර දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි ටිල්වින් සිල්වා මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳවද ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වා ඇති අතර විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සහ මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා ගෙන යන “Clean Sri Lanka ” වැඩපිළිවෙළ පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම අවස්ථාවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි වූහ.


