මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව කමින් බොමින් විනෝද ගමන් යමින් නිදහසේ සැනසිල්ලේ ජීවත් වන බවත් අධිවේගී මාර්ගවල ආදායම් වැඩිවීම තුළින්ම එය මනාව පෙන්නුම් කරන බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“අපේ රජය භෞතික සංවර්ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය, අධ්‍යාත්මික ගුණ වගාවට ඒ හා සමානවම බරක් තියලා තමයි අද කටයුතු කරමින් පවතින්නේ. මම ඊයෙත් ඇත්තටම පැය හතරක් විතර හිටියේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ. කියන්නත් සතුටුයි, විශාල තරුණ පිරිසක් ඇවිල්ලා මිලියන ගණනින් පොත් අරගෙන යනවා. මං හිතන්නෙ ඒක දැවැන්ත ප්‍රබෝධයක්. ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු, හයිවේ එකේ විතරක් දින හතරකට ආදායම තිබුණා කෝටි 30ක් විතර. මම දැක්කා සත්තු වත්තේ ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා තිබුණා, එක දවසට මිලියන දෙකයි දශම ගණනක ආදායමක්. ඒකෙන් සටහන් වෙන්නෙ මිනිස්සු මේ කාලා බීලා වගේම ඇවිදලා කියලා ටිකක් නිදහසේ සැනසිල්ලේ ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය ඒ වගේ මානවයෙක් නිර්මාණය කරන්න”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘රුහුණු ෆෙස්ට්’ ප්‍රදර්ශනය ගැන දැනුවත් කිරීම සඳහා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...