ලංකාවෙ 12 ක් හිටපු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Date:

ආසියානු කාන්තා 20/20 තරගාවලියේ අද පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 11 ක ජයක් ලබා ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මතය.මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 12 දෙනෙක් පිටියේ දක්නට ලැබිණ.ඒ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 11 දෙනාට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කළ 19 හැවිරිදි කවීශා එගොඩගේ ද ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් වූ බැවිනි.

මෙම තරගයේ දී අප විසින් දරණ අදහසට අනුව යමින් ශ්‍රී ලංකා පිතිකරු අංශය ශක්තිමත් කිරීමට වැඩි අවධානය යොමු කරමින්,කව්ශනී නෘත්‍යාංගනාට ජාත්‍යන්තර 20/20 වරම් ලබා දී තිබිණ.නමුත් ඇයට පිටියට ඒමට ලැබුණේ 19 වන පන්දු ඕවරයේදී ය.පන්දු 10 ට මෙපිටින් ඇය පැමිණෙන විට ලකුණු තත්ත්වය 92 ක් වූ අතර ඇය පන්දු 4 ක් තුළ ලකුණු 8 ක් ලැබීය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉණිමේ හොඳම ඉණිම හසිතා සමරවික්‍රම වාර්තා කළ ලකුණු 37 විය.එම ලකුණු ප්‍රමාණය ඇයව තරගයේ වීරවරිය කළ අතර ශ්‍රී ලංකා ලකුණු පූවරුව 109 සීමා කරන්නට මුල් වූයේ,පිළිවෙලින් 15 හැවිරිදි සහ 16 හැවිරිදි විෂ්ණාවී මහේෂ් සහ මහිකා කොවුර් ය.විශ්ණාවී ලකුණු ලකුණු 15 ට කඩුලු 3 ක් සහ මහිකා ලකුණු 21 ට කඩුලු 3 ක් දවාගන්නා ලදී.

ශ්‍රී ලංකාව ලකුණු 109 ට දවා ගත්තද වර්ෂාව කළ බලපෑම් ද සමඟ ඩක්වර්ත් ලුවිස් න්‍යායේ පීඩනයද සමඟ එමීර් රාජ්‍යය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දු ඕවර් 11 නිමා වෙද්දී කඩුලු 7 ක් දැවී ලකුණු 54 කි.නමුත් ඒ වන විට ඔවුන් ලකුණු 65 ක් ලබාගත යුතුව තිබිණ.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර මෙන්ම කවීශා දිල්හාරි ද ලකුණු 7 ට කඩුලු 2 බැඟින් දවාලීය.ප්‍රවීන දගපන්දු යවන්නී ඕෂධි රණසිංහ මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට කැඳ වූ කව්ශනී,ඇය සහ ඕෂධි දෙදෙනාම තරග වදින කණ්ඩායමේ සාමාජිකාවන්ව පිටිය තුළ සිටිය යුතු බව පැහැදිළි කළාය.

මෙම තරගයේදී ද ආරම්භක කඩුල්ල ලෙස චමරි අතපත්තු දැවීයාම කණ්ඩායමට පීඩනයක් එක් කර තිබිණි.එය ද ඉදිරි තරගවලදී චමරිව පහළට කැදවා පාලනය කළ හැකිනම් ප්‍රතිඵලය තවත් යහපත් විය හැකිය.

ඡායාරූපයේ සිටින්නේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හසිතා සමරවික්‍රම ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...