ශ්‍රී ලංකන් ගැන විශේෂ සාකච්ඡාවක් අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අදාළ පාර්ශ්ව අතර අද(02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් බව සඳහන් වේ.

අමාත්‍යවරයා පැවසුවේ , අද පෙරවරු 10 ට ආරම්භ වන සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, කාර්ය මණ්ඩලය සහ වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා ඇති බවයි.

තවද, ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, පසුගිය දින කිහිපයේ ගුවන් යානා 8 ක් පමණ අවලංගුවී ඇති බවද, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ය.

තාක්ෂණික හේතුන් මත එම ගුවන් යානා අවලංගුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද මාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...