ශ්‍රී ලංකන් ගැන විශේෂ සාකච්ඡාවක් අද

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අදාළ පාර්ශ්ව අතර අද(02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් බව සඳහන් වේ.

අමාත්‍යවරයා පැවසුවේ , අද පෙරවරු 10 ට ආරම්භ වන සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, කාර්ය මණ්ඩලය සහ වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා ඇති බවයි.

තවද, ගුවන් ගමන් අවලංගු වීම හා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, පසුගිය දින කිහිපයේ ගුවන් යානා 8 ක් පමණ අවලංගුවී ඇති බවද, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ය.

තාක්ෂණික හේතුන් මත එම ගුවන් යානා අවලංගුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද මාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...