*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දහසක් කොක්කු ඉගිළ ගියාවේ !

සදාකෝ සාසකි ඉපදුණේ යමගුචිවල. හිරෝෂිමාවලට අර මහා බොම්බය වැටෙන්න කිලෝමීටර් 1.6 ක දුරින්. බෝම්බෙ වැටෙනකොට සදාකෝට අවුරුදු දෙකයි.

ලෝකයේ කොතැනක හෝ මිනිස් මැදිහත්වීමකින් පිපුරුණ මහත්ම පිපුරුම වෙච්ච ඒ මහා හයිඩ්‍රජන් බෝම්බය විදාරණය උණාට පස්සෙ තත්පරේ සදාකෝ ගෙදර ජනේලෙන් එළියට විසි වෙනවා. වැඩි තුවාලයක් පේන්න තිබ්බේ නැහැ.

සදාකෝගේ අම්ම ඇවිල්ල සදාකෝ බදාගෙන දෙන්නම කොහේට හරි දුවන්න ගන්නවා. හැබැයි ඒ දුවනකොට සදාකෝයි අම්මයි න්‍යෂ්ටික කිරණ අඩංගු ‘කළු වැස්සට’ (black rain) අහුවෙනවා. ඒ අහුවීමත් එක්ක න්‍යෂ්ටික කිරණ වලින් නැහැවෙන සදාකෝ ඒ මහා බෝම්බයේ න්‍යෂ්ටික ගොදුරක් බවට පත්වෙනවා.

සදකෝ කිසිම අවුලක් නැතුව අවුරුදු දහයක් විතර ජීවත් උණත් 1954 අවුරුද්දේදි බෙල්ල වටේ ඉදිමෙන්න ගන්නකොට හැමෝටම අවබෝධ වෙනවා ඇයට ලියුකේමියාව කියල සහ ඇයට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයක් කියන එක.

ජපානයේ එක සම්ප්‍රදායික පුරුද්දක් තමයි රෝගීවෙච්ච් කෙනෙක් හරි, රෝගීවෙච්ච කෙනෙක් වෙනුවෙන් හරි, හෝ එවන් පවුලේ අය වෙනුවෙන් කඩදාසි කොක්කු හදන එක (folding paper cranes -origami).

හිරෝෂිමාවල න්‍යෂ්ටික විපත නිසාම හදපු රතුකුරුස රෝහලට ඇතුලත් කරන කොටත් ඇයට තිබ්බේ තවත් බොහොම කෙටි කාලයක්. ඒ කාලය ඇතුලේ එයාට තිබ්බ වෙලාවත් එක්ක එයා කළේ අර ජපන් පුරාවෘත්ත වල තියන කඩදාසි කොක්කු හැකිතරම් හදන එක. ඇත්තටම අරමුණ උනේ දහසක් කොක්කු හදන එක.

ඉතින් එයා ළඟ තිබ්බ බේත් ඔතන කඩදාසි මදි වෙච්චම එයා කලේ අහල පහල රෝගීන්ගේ කඩදාසිත් මේ සඳහා යොදා ගත්ත එක.

හැබැයි එයාට ඉතුරුවෙලා තිබ්බ කාලේ ඇතුලේ සදාකෝට හදන්න පුළුවන් උනේ කොක්කු 644ක් විතරයි. හරිම සීරු මාරුවට හරිම ලස්සනට නමාපු කඩදාසි කොක්කු.

තමන්ගේ දහසක් කොක්කු නැමීමේ අරමුණ කරා දෛවය එයාට යන්නේ දුන්නේ නැතත් එයාගේ යාළුවෝ එකතුවෙලා ඉතුරු කොක්කු ටික නමල එයාගේ අරමුණ සම්පුර්ණ කළා.

මේ නමපු අපුරු කඩදාසි කොක්කු දහස අද ඉතාම සුරක්ෂිතව හිරෝෂිමා සාම කෞතුකාගාරේ තියනවා. දසදහස් ගණන් ජපන් ළමුන් තමන්ගේ රටේ මේ ක්ෂිතිමය සිද්දිය බලන්න හැමදාම මේ කෞතුකාගාරෙට එනවා.

ලෝකයේ සාමයට ලැදි හැමෝමත් මේක බලන්න හිරෝෂිමාවට එනවා. සදාකෝගේ ලස්සන ප්‍රතිමාවකුත් ඒ කෞතුකාගාරේ ඉස්සරහින් තියනවා. මේ සමස්ත සිද්දිය ගැන Sadako and the Thousand Paper Cranes (1977) නමින් නවකතාවක්ද ලියල තියනවා.

සදාකෝගේ මේ ඉතාම සංවේදී කාර්යය සහ ඉතාම අලංකාර කඩදාසි කොක්කු යුනෙස්කෝ සුවිශේෂ විශ්ව මතක නාමාවලියට (The Memory of the World Register) එකතු කරන්න කියල සදාකෝගේ පවුලේ අයගේ වගේම සාම ක්‍රියාකාරීන්ගේ පොදු ඉල්ලීමක් තිබෙනවා.

බොහෝ විට ඒ ඉල්ලීම ඉටුවෙයි. මිනිසත්කමේ නාමයෙන් වගේම ලෝක සාමයේ නාමයෙන්. වැඩිහිටියන්ගේ යුද්ද නිසා අකාලයේ වන්දි ගෙවපු ළමුන් වෙනුවෙන් !

මේ ලිපිය ඒ ඉල්ලීමට තල්ලුවක් විදියට ….

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan