*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

බැසිලුත් කලකට පසු එළියට බසී. පන්සල් වන්දනාව පටන් ගනී … (Photos)

පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති හා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති ආචාර්ය වල්පොළ පියනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද දානශාලාව භාවනා ශාලාව සහිත ආවාස ගෘහය විවෘත කිරීම හා උන්වහන්සේගේ 80වන ජන්ම දිනයට ආශිර්වාද කිරීම වෙනුවෙන් ඊයේ (02) දින පැවති දානමය පිංකම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගි වී තිබේ.

ඒ මහතාත් සමග ඒ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනමහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, මධුර විතානගේ, ප්‍රදීප් උදුගොඩ මන්ත්‍රීවරුන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වූයේ තරමක් කලකට පසුව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය දින කිහිපයෙහිදීම විවිධ විහාරස්ථාන කරා යමින් භික්ෂූන් වහන්සේලා හමුවෙමින් සාකච්ඡා කරන අයුරු දක්නට ලැබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan