IMF සාකච්ඡා සාර්ථකයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

‘ජනපති සහ IMF අතර සාකච්ඡා දෙවන දිනටත්’ යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බව පැවසේ.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළ ඉදිරි කටයුතු සහ එහිදී ඇති විය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ IMF වැඩසටහනේ අරමුණු සමඟ තමන් එකඟ වන අතරම ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවයි.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ වේ.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදි මනාව ගොඩනැගුණු අතර දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...