රාජ්‍ය බැංකු 06ක් අවධානමක!

Date:

කොළඹ LNW:රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය සහ මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරන පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇති බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසන්නේ විශේෂ සමාගමකට පැවරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායන් 31 තුළ රාජ්‍ය බැංකු ඇත්ද නැද්ද යන්න පැහැදිලි කළ යුතු බවයි.

කෙසේවෙතත් පසුගිය 04 වැනිදා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් පැවැත්වූ වැඩමුළුවකදී පවසා තිබුණේ විශේෂ සමාගමකට පැවරීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය 31 තුළ බැංකු 06ක් ද පවතින බවයි.

නමුත් මහ බැංකු අධිපතිවරයා එවැන්නක් තහවුරු නොකරන හෙයින් මෙම දෙපාර්ශවය පරස්පර කතා කියමින් සිටින බවයි සේනානායක මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වන විටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විකිණීම වෙනුවෙන් බලධාරීන් ක්‍රියා කරමින් පසුවෙන බවද ඔහු කියා සිටියි.

කෙසේවෙතත් රාජ්‍ය බැංකු විකිණීමට ඉඩ නොතබන බවත් ලාභ ලබමින් තිබෙන එකම රාජ්‍ය ව්‍යවසාය වන්නේද රාජ්‍ය බැංකු බව හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...