*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට නව සභාපතිවරයෙක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ලෙස නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පත්ව ඇත, පණ්ඩුක කීර්තිනන්ද මහතා 1993 වසරේදී . ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥ මණ්ඩලයට ඇතුළත් වි ඇති අතර ,ඔහු 1990 කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇත.

නීතිඥ මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයකු ලෙස ඔහු ශ්‍රී ලංකාවේ අපරාධ සහ සිවිල් නීති භාවිතය පිළිබඳ ප්‍රශංසනීය අත්දැකීම් ලබා ඇති අතර කීර්තිනන්ද මහතා රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඇත.

කීර්තිනන්ද මහතා මීට පෙර සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභික, ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක (2010-15) සහ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ යහපැවැත්මට දායක වන ක්‍රියාකාරී චරිතයක් වන කීර්තිනන්ද මහතා 2013 වසරේ 33 දරන ක්‍රීඩා තහනම් උත්තේජක විරෝධී ප්‍රඥප්තිය සහ 2019 25 දරන ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත සම්මත කර ගැනීමට මැදිහත් වී ඇත

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම පත් කිරීම සිදු කර ඇති අතර ඔහු දැනට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නීති උපදේශක ලෙසත් සංචාරක උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan