පහළ ගිය එළවළු මිල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි විශාල අඩුවීමක් දක්නට ලැබෙන අතර, එමෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බව වෙළෙදුන් පවසයි. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල තුළ එළවළු මිල පහත බැස තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ මැණින් වෙළඳපොලේ තොග මිල ගණන් අනුව කැරට් සහ ගෝවා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 60 ත්  100 ත් අතර,  බීට්රූට් සහ නෝකෝල් රුපියල් 60 ත් 90 ත් අතර වට්ටක්කා රුපියල් 70 ත් 90 ත් අතර පිපිඤ්ඤා රුපියල් 60 ත් 80 ත් අතර ලීක්ස් සහ වම්බටු රුපියල් 100 ත් 150 අතර මිලකට අලෙවි වන බව පැවසේ.

නෝකෝල් රුපියල්  60 ත් 90 අතර බණ්ඩක්කාර රුපියල් 80 ත්120 ත් අතර තක්කාලි රුපියල් 180 ත් 220 ත් අතර  කරවිල රුපියල් 180 ත් 250 ත් අතර පතෝල 160 ත් 200 ත් අතර අමුමිරිස් 150 ත්  220 ත් අතර දෙහි රුපියල් 400 ත් 500 ත් අතර මිලකට අලෙවි වන බව පැවසේ.

එමෙන්ම ආනයනික අර්ථාපල් රුපියල් 145 ත් -170 අතර ලංකා අල රුපියල් 200 ත් 230 ත් අතර ආනයනික ලොකුළෑණු රුපියල් 180 ත් 260 ත් අතර ලංකා ලොකුළුණු 230ත්260 ත් අතර මිලකට අලෙවි වන බව වෙළඳපොල වාර්තා සඳහන් කරයි..

මේ අතර මාලු මිලද පහළ ගොස් ඇති බව හලාවත මත්ස්‍ය වෙළඳපොලේ වෙළදුන් පවසයි.

බලයා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 650කට ද කුම්බලා රුපියල් 350ට, පරව් කිලෝවක් රුපියල් 400ට අලෙවි වන අතර සාලයා කිලෝවක් රුපියල් 200ට අලෙවි වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...