පහළ ගිය එළවළු මිල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි විශාල අඩුවීමක් දක්නට ලැබෙන අතර, එමෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බව වෙළෙදුන් පවසයි. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල තුළ එළවළු මිල පහත බැස තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ මැණින් වෙළඳපොලේ තොග මිල ගණන් අනුව කැරට් සහ ගෝවා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 60 ත්  100 ත් අතර,  බීට්රූට් සහ නෝකෝල් රුපියල් 60 ත් 90 ත් අතර වට්ටක්කා රුපියල් 70 ත් 90 ත් අතර පිපිඤ්ඤා රුපියල් 60 ත් 80 ත් අතර ලීක්ස් සහ වම්බටු රුපියල් 100 ත් 150 අතර මිලකට අලෙවි වන බව පැවසේ.

නෝකෝල් රුපියල්  60 ත් 90 අතර බණ්ඩක්කාර රුපියල් 80 ත්120 ත් අතර තක්කාලි රුපියල් 180 ත් 220 ත් අතර  කරවිල රුපියල් 180 ත් 250 ත් අතර පතෝල 160 ත් 200 ත් අතර අමුමිරිස් 150 ත්  220 ත් අතර දෙහි රුපියල් 400 ත් 500 ත් අතර මිලකට අලෙවි වන බව පැවසේ.

එමෙන්ම ආනයනික අර්ථාපල් රුපියල් 145 ත් -170 අතර ලංකා අල රුපියල් 200 ත් 230 ත් අතර ආනයනික ලොකුළෑණු රුපියල් 180 ත් 260 ත් අතර ලංකා ලොකුළුණු 230ත්260 ත් අතර මිලකට අලෙවි වන බව වෙළඳපොල වාර්තා සඳහන් කරයි..

මේ අතර මාලු මිලද පහළ ගොස් ඇති බව හලාවත මත්ස්‍ය වෙළඳපොලේ වෙළදුන් පවසයි.

බලයා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 650කට ද කුම්බලා රුපියල් 350ට, පරව් කිලෝවක් රුපියල් 400ට අලෙවි වන අතර සාලයා කිලෝවක් රුපියල් 200ට අලෙවි වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...