අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන සලකා බැලීමට කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් – නීතිපති අධිකරණයට දැනුම් දෙයි!

Date:

කොළඹ LNW:මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) කැඳවූ අවස්ථාවේදීයි මෙම දැනුම් දීම සිදුකළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළ අතර අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මේ මස 07 වනදා යෝජිත සුලං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම් වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත අතර ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බව ඇය දැනුම් දෙන ලදී.

එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි ඇය අධිකරණය හමුවේපැවසුවේ.

උක්ත පෙත්සම ඉදිරිපත් කර තිබුණේ වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසිනි.

මෙම කරුණු කෙරෙහි එකඟතාවය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද වගඋත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීමට අවසර ලබාදුන් අධිකරණය මෙම කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් ඒවා ලබන ජනවාරි මස 31 වනදාට පෙර ගොණු කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...