ඉන්දියාව සහ කැනඩාව අතර විරසකය නැවත උත්සන්න වීමත් සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා හැරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම්වලට ඉන්දීය රජයේ නියෝජිතයින් සම්බන්ධ බවට කැනඩාව කරන චෝදනාවන් හේතුවෙන් ඉන්දියාව සහ කැනඩාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් යළිත් උත්සන්න වී තිබේ.

ඉන්දියාව විසින් සටන්කාමී බෙදුම්වාදී කණ්ඩායමකට නායකත්වය දුන් ත්‍රස්තවාදියෙකු වශයෙන් හඳුන්වන සීක් බෙදුම්වාදි නායකයකු වන හර්දීප් සිං නිජ්ජාර් පසුගිය වසරේ ඝාතනයට ඉන්දීය ඒජන්තයින් සෘජුවම සම්බන්ධ බවට විශ්වාස කළ හැකි චෝදනා කැනේඩියානු පොලිසිය විසින් අනුගමනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව දෙපාර්ශවයම ඔවුන්ගේ ඉහල රාජ්‍ය නිලධාරීන් ඒ ඒ රටවලින් නෙරපා හැරීමට නිවේදන නිකුත් කර තිබේ.

ඒ වනුව, රුපවාහිනී සාකච්ජාවකට සම්බන්ධ වෙමින් කැනඩා අග්‍රමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කර තිබුණේ, ඔහුගේ රජය නවතම සොයාගැනීම් මත ක්‍රියා කරණ බවත්, ඉන්දියානු නියෝජිතයන් කප්පම් ගැනීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ බවට කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය පැහැදිලි සහ ප්‍රබල සාක්ෂි අනාවරණය කරගෙන ඇති බවත්ය.

මේ අනුව යමින් කැනඩාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව(Global Affairs Canada) සඳහන් කර තිබුණේ, කැනේඩියානු පුරවැසියන්ට එරෙහිව ඉලක්කගත ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ කොන්සියුලර් නිලධාරීන් හය දෙනෙකු රටින් නෙරපා හරින බවයි.

කැනඩාව විසින් කරන ලද මෙම බරපතල චෝදනාවන් හේතුවෙන් දිල්ලි සහ ඔටාවා අතර සබඳතා මේ වන විට දැඩි ලෙස පළුදු වී ඇති අතර මෙත් සමග ඉන්දියාව විසින් ඉන්දියාව වැඩබලන මහ කොමසාරිස් ස්ටුවර්ට් රොස් වීලර් ඇතුළු කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකුට ඔක්තෝබර් 19 වනදා වන විට ඉන්දියාවෙන් පිටව යන ලෙස ඉල්ලා ඇති අතර වීසා සේවා අත්හිටුවන ලෙසත් කැනඩාවෙන් ඉල්ලා ඇත.

කෙසේ නමුත් මෙම චෝදනාවන් සියල්ල ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර කැනඩාව සිය ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් සපයා නැති බවත්, කැනඩාව ත්‍රස්තවාදයට නිජබිමක් වශයෙනුයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...