*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී ගත් තීරණ ගන හෙළි කළ අමාත්‍ය විජිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):

ඔක්තෝබර් 04 වනදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එහිදී ගත් තීන්දු පිළිබඳ අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා,

“ඉන් එකක් තමයි දැනට දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 25,000ක් අලෙවි කරගන්න අපහසුවෙලා තියෙනවා. ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා අදාළ වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඒ සංචිත ප්‍රමාණයන් පිළිබඳව වාර්තාවක් ගන්නත් ඉක්මනින් එය අලෙවි කිරීම සඳහා වුණු ක්‍රියාවලියට යන්නත් තීන්දු කරලා තිබුණා.”

“ඊළඟට ලොකු ළූණු නිෂ්පාදනය දැනට ලංකාව තුළ සිදුවෙන කොට ආනයනික ලොකු ළූණු නිසා ඒ අයට සාධාරණ මිලකට විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් මතු වුණා. ඒ අනුව ආනයන බද්ද වැඩිකළා. රුපියල් 10ක් ආනයන බද්ද තියෙන කොට ගෙන්වීමේ සී.අයි.එෆ් වැලිව් එක 145යි. එහෙම ගත්තොත් රුපියල් 155ක් තියෙද්දිත් වෙළෙඳපොළේ බී ළූණු කිලෝ එක්ක විකිණෙන්නේ රුපියල් 300කට වගේ ඉතින් මෙත අසාධාරණයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්න මේ කමිටුවට නිර්දේශ කරලා තිබුණා. මේක කොහොමද පාලනය කරගෙන සහන මිලකට බී ළූණූ ලබාදෙන්නේ කියන එක. රජය විදිහට යම් බදු පැනවීමක් කළත්, ආනයනික පිරිවැය අඩු වුණත් වෙළෙඳපොළේ විකිණෙන්නේ වැඩ වැඩි මිලට. එතන ප්‍රශ්නයක් තියෙනවා ඒක වහාම විසඳිය යුතුව තියෙනවා. ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න මේ කමිටුවට නිර්දේශ ලබාදෙන්න කියලා තිබුණා.”

“ඒ වගේම පොල් හිඟයක් පවතිනවා ඇත්තටම ගත්තොත් අවුරුදු 05 කාලයක් තිස්සේ මේ පොල් වගාව සඳහා නිවැරදිව පොහොර ලබාදීම් සිදුවලො නැහැ ඒකත් එක්ක පොල් අස්වැන්න අඩුවීමක් වෙලා තියෙනවා. අස්වැන්න අඩුවීමත් වෙළෙඳපොළ තත්ත්වයත් එක්ක 15%කින් විතර පොල් මිල වැඩි වුණා ඒ නිසා නගරාසන්න ප්‍රදේශවලින් බැහැර ගම්බද ප්‍රදේශවල තිබෙන රජයේ ආයතනවල තිබෙන පොල් ඉක්මනින් නගරාසන්නයට ගෙන්නලා සහන මිලකට පොල් ලබා දෙන්න ක්‍රියාමාර්ග ගන්න නිර්දේශ කරලා තිබුණා.”

“ඒ වගේම බිත්තර මිල පිළිබඳවත් පසුගිය කාලයේ ප්‍රශ්න මතු වුණා. එකවර බිත්තර මිල අඩුවුණා ඒ අඩුවීමත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා. කුකුල් ආහාර ගෙන්වීමේදී 18% වැට් බද්දක් පැවවෙනවා. ඒක පසුගිය ආණ්ඩුව ගත්තු තීරණයක් ඒ වැට් බද්ද එක්ක කුකුල් කෑම ගණන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මකවෙන ක්‍රියාවලියක් තියෙනවා බඩඉරිඟු ආනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරමින් අඩුමිලට කුකුළු කෑම කොහොමද මේ අයට ලබාදෙන්න කියන ක්‍රමවේදයක් සකස්කළා.”

මේ අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීමටත්, ජීවන වියදම ඉහළ යාම හැකිතාක් දුරට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරමින් යෝග්‍ය තීරණයන්ට එළඹීමටත් හැකි වන පරිදි 2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද ආහාර ප්‍රතිපත්ති කමිටුව පහත සඳහන් නිලධාරින්ගෙන් සමන්විතව නැවත ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණු බව සඳහන් වේ.

  • ජනාධිපති ලේකම් – (සභාපති)
  • අග්‍රාමාත්‍ය ලේකම්
  • ලේකම්, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
  •  ලේකම්, බලශක්ති අමාත්‍යාංශය
  • ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
  •  ලේකම්, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
  • ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  • ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ලේකම්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
  • ලේකම්, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan