බුට් සපත්තු පොලවේ නොතියන බයිඩන්ගේ ගාසා යුද්ධය

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු හමුදා ක්‍රියාත්මක කරන ඉහළ උන්නතාංශ මිසයිල නාශක පද්ධතියක්වන Terminal High-Altitude Area Defense (THAAD) ඊශ්‍රායලයට ලබා දීමට සුදානම් බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබේ.

THAAD ටර්මිනල් ඉහළ උන්නතාංශ ආරක්ෂක පද්ධතිය මඟින් ඊශ්‍රායල ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, ඔක්තෝබර් 1 වන දින ඊශ්‍රායලයට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 180 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් ඉරාන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය අපේක්ෂා කරන බවත්, මෙම මිසයිල පද්ධතිය ඊශ්‍රායලය ආරක්ෂා කරනු ඇති බවත්ය.

මෙම මිසයිල පද්ධතිය හයිපර්සොනික් වේගයෙන් පියාසර කරන අතර අභ්‍යවකාශයේදී බැලස්ටික් මිසයිල බිම හෙළීමට හැකි බලවත් මිසයිල පද්ධතියකි.

මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ලව ඇති අතර ඇමරිකානු සොල්දාදුවන්ගේ බුට් සපත්තු ඊශ්‍රායලයේ යුධ පෙරමුණේ නොගියද අවි යුධ ලබා දීම මගින් බයිඩන් මෙම යුද්ධයට සෘජුවම සම්බන්ධව ඇති බව කියවේ. ඒ අනුව මෙය පුළුල් වන කලාපීය යුද්ධයේ එක්සත් ජනපදය තව දුරටත් පැටලීමට සංඥා කරයි.

පසුගියදා ඉරානය විසින් හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරි අබ්බාස් නිල්ෆෝරූෂාන් මෙන්ම මේ වසර මුලදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය විසින් බලස්ටීම් මිසයිල මාලාවක් දියත් කළ අතර ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලය තවමත් ප්‍රතිප්‍රහාර දියත් කර නොමැති අතර මෙම නව මිසයිල පද්ධතිය ලැබීමත් සමඟ ඊශ්‍රයල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ප්‍රකශ කර තිබුණේ, ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කිරීමට අපේක්ෂිත ප්‍රහාරය මාරාන්තික මෙන්ම නිරවද්‍ය සහ සියල්ලටම වඩා පුදුම සහගත වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...