ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ස්කූබී නැටුම සතුට පමණක් නොවේ ජයග්‍රහණයේ සූදානමයි

Date:

පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක ලකුණකින් පරාජය කර මෙවර 20/20 ආසියානු කුසලාන අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් වුණා.එහිදී එක ලකුණකින් ලද ජයග්‍රහණය බැලූ බැල්මට පෙනෙන්නේ සියුම් ජයක් හැටියටයි.නමුත් අද වන විට ලෝකය පුරා අවධානයට පත්ව ඇති එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෑ රංගනය කියාපාන්නේ සැළසුම් සහගතව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණයට සූදානම්ව සිටි බවයි.එම ජයග්‍රහණය වෙනුවෙන් මෙම රංගනය ඉදිරිපත් කිරිමට ඔවුන් පුහුණු වී සූදානම්ව සිටි බවයි.එ සූදානම්වීම පෙන්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සම්බන්ධයෙන් හදවතින්ම බැදී සිටින විශ්වාසයයි.අද (ඔක්තෝම්බර් 15) අවසාන තරගය නිමාවේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවන රංගනයකට සූදානම්ව සිටින බව අපි විශ්වාස කරමු.
එසේම මේ අවසාන තරගයේදි ශ්‍රී ලංකා ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ද විශේෂ උනන්දුවකින් ක්‍රීඩිකාවන්ට සුබ පැතීමට ඉදිරිපත්ව තිබෙනවා මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා 20/20 නායක දසුන් ශානක ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කරන ලද සුබ පැතුමයි.

ලොව පුරා අවධානයට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ රංගනය මේ සමඟ තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...