ලක්ෂ 69 ලක්ෂ 3 ට බැස්සුවේ නාමල් – දිළුම් කියයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අපේ බලාපොරොත්තුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරිමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නෑ – දිළුම් අමුණුගම පවසයි.

ඔවුන් හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම පැවසීය.

සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති එම පක්ෂයේ කෑගල්ල අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

‘‘ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.අපේ බලාපොරොත්තුව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරිමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්න හේතුවත් ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ වැඩියෙන් මන්ත්‍රිවරු ඉන්න විපක්ෂය නොවේ. ඒක ගුණාත්මකභාවයෙන් ශක්තිමත් වෙන්න ඕනෑ.

ඔබතුමලා දැක්ක පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතා මොකක්ද කළේ කියලා. එතුමාගේ තියෙන ශක්තිමත්භාවය දැක්කා. එතුමා උදේ නැගිටපු ගමන් වරුවක් නහයෙන් අඬනවා, කෙඳිරිගානවා විසඳුමක් නෑ. ආණ්ඩුව කරන හොඳ වැඩෙත් හොඳ නෑ කියනවා නරක වැඩෙත් හොඳ නෑ කියනවා. හැම එකටම කකුලෙන් අදිනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒ කාලේ හොඳ වැඩකට සහාය දෙන්නේ නෑ. යුද්ධය දිනපු එකටවත් සහාය නෑ. දැන් ඉන්න රජය ජනතා විමුක්ති පෙරමුණ වුනත් කමක් නෑ හොඳ දෙයක් කරනව නම් පැහැදිලිව ඊට සහාය දෙන්න’’ යනුවෙන් ද හෙතෙම කීවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...