දේශපාලනයක් නොකරන කෙනෙක්ගෙන් මම එක එක දේවල් අහන්න ලෑස්ති නෑ – හිරුණිකා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය.සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අදාළ ලිපිය පක්ෂයට යොමුකළ බවයි. තමා මෙම තීරණය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා ව අපහසුතාවයට පත්කිරීමට නොවන බව ඇය පැවසුවාය.

“පසුගිය ජනාධිපතිවරණයේදී කාන්තා රැස්වීම් ලංකාව පුරාම අරගෙන ගියා. දැන් මේක මගේ මැතිවරණය. මම කල්පනා කළා වෙනත් කෙනෙක්ට මෙම මැතිවරණයේදී මේ වැඩ කරන්න බාරදුන්නොත් හොඳයි කියන එක. ඒ අනුව තමයි ඒ ලියුම බාරදුන්නේ.”

“එක පුද්ගලයෙක් කිව්වා. ඒක නායක තුමාගේ මතයත් නොවෙයි. ඒකයි තියෙන ප්‍රශ්නය. එහෙම දේශපාලනයක් නොකරන කෙනෙක්ගෙන් මම එහෙම දේවල් අහන්න ලෑස්ති නෑ…”

ජලනි ප්‍රේමදාස මහත්මිය සමග යම් අර්බුදයක් තිබේද යන්න එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටි අතර, ඇය පැවසූවේ,

“මම පක්ෂය ඇතුළේ දේශපාලනය කරන කාන්තාවක්. ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතා ගේ බිරිඳ. තනතුරක් දරන්නේ නෑනේ.” ලෙස ඇය පිළිතුරු දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...