*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

චීන රජය ජනපති රනිල් උණුසුම් අයුරින් පිළිගනී !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අතර, අද (16) පෙරවරුවේ බීජිං නුවරට ළඟා වූ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය.

එහිදී “එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සහභාගී වන ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට ද නියමිත අතර, අද සිට එළැඹෙන 20 වනදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතය.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව හෙට (17) ඇරඹෙන අතර , රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ සහභාගී වන සමුළුවේ මෙවර තේමාව ”පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු’‘ යන තේමාවයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan