ශ්‍රී ලංකන් ගැන රජය ගත් තීරණයට අලි සබ්‍රිගේ විරෝධය!

කොළඹ LNW:ශ්‍රී ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකරණය නොකරන බවට රජය ගත් තීරණයට හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා විරෝධය පළකර තිබේ.

ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් පවසන්නේ ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ රජයන් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට නව රජය ගත් තීරණය 2008 වසරේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බවයි අලි සබ්‍රි මහතා පවසන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේටිස් සමාගමෙන් ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට රජය ඩොලර් බිලියන 1.2 ක ණය බරක් ඊට වන්දි වශයෙන් උසුලාගෙන යන බව ඔහු පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...