ශ්‍රී ලංකන් ගැන රජය ගත් තීරණයට අලි සබ්‍රිගේ විරෝධය!

Date:

කොළඹ LNW:ශ්‍රී ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකරණය නොකරන බවට රජය ගත් තීරණයට හිටපු විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා විරෝධය පළකර තිබේ.

ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් පවසන්නේ ලංකාව අද පවතින තත්ත්වයට ඇද වැටීමට විවිධ රජයන් ගනු ලැබූ තීන්දු තීරණ බලපා ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවත්වා ගැනීමට නව රජය ගත් තීරණය 2008 වසරේ දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේට්ස් සමාගමෙන් ඉවත් කිරීමට ගත් තීරණය හා සමාන බවයි අලි සබ්‍රි මහතා පවසන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය එමිරේටිස් සමාගමෙන් ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට රජය ඩොලර් බිලියන 1.2 ක ණය බරක් ඊට වන්දි වශයෙන් උසුලාගෙන යන බව ඔහු පෙන්වාදෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...