වැස්සත් එක්ක 60% විදුලි උත්පාදනය ජල බලයෙන්!

Date:

කොළඹ LNW: පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදනයෙන් 60%ක් නිපදවන්නේ ජලය මගින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කරන්නේ මේ වන විට ජලාශ කිහිපයක්ම පිරී පවතින බවයි.

ජලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී පිරිවැය අඩු බවද පතිරගේ මහතා කියාසිටියි.

”මේ වන විට ජලාශ කීපයක්ම උතුරා ගොස් තිබෙනවා. කොත්මලේ ජලාශය උතුරා යාමට තව සුළු අඩි ප්‍රමාණයයි තිබෙන්නේ. මෙම වැසි තත්ත්වය ඇත්තටම අපට වාසියක්. හේතුව ජලය මගින් විදුලිය ජනනය කිරීමෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන වියදම අඩුයි. අපි බලාපොරොත්තු වෙනවා තව දවස් කීපයක් මෙම තත්ත්වය තිබෙන බවට. දැනටමත් විදුලි උත්පාදනය කිරීමේදී 60% ජලය මගින් උත්පාදනය වෙනවා. පසුගිය මාස කීපය තුළ වැසි තත්ත්වය නැති නිසා අපිට පාඩු සිද්ධ වුණා. නමුත් මෙම මාසය තුළ වැසි තත්ත්වය නිසා අපට එම පාඩුව යම් ප්‍රමාණයක් සමනය කළ හැකියි.”

විදුලි බිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැනද ඔහු අදහස් දක්වා සිටියි.

”විදුලි බිල යළිත් සංශෝධනය කිරීමේ දී අපිට නිසි ලෙස කියා නෑ සියයට කීයක් වැඩි කළ යුතුද කියා. නමුත් මෙම වැඩි කරන ප්‍රමාණය ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මුල් කාලයේ දී වැසි තත්ත්වය අඩු වුණත් විදුලි බිල එලෙසම ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්ද තුළ තුන් වන වතාවටයි එම විදුලිබිල සංශෝධනය කරන්නේ.” යනුවෙන් පතිරගේ මහතා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...