හිටපු ජනාධිපතිවරුන්ගෙන් හඬක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන්, තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇතැයිද වාර්තා වේ.

වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බවත්, සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇති බව තොරතුරු වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇත. ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත. හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බවද විද්වත්හු පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...